Sunday, December 19, 2010

I Couldn't Care Less! ඒ කිවිවේ මොකක්ද?


ඕනැම භාෂාවක තියනවා යම් අදහසක් තදින් දැනෙන ආකාරයට ප්‍රකාශ කරන යෙදුම්. මේවා අපට අවශ්‍ය දේ ප්‍රබලව කීමේදී යොදා ගන්න පුලුවන්. (නමුත් අනෙත් පුද්ගලයාගේ හිත රිදීමට ඇති ඉඩ ගැන නම් ටිකක් සැලකිලිමත් විය යුතුයි.)

1. Couldn't care less

යමක් ගැන කිසිම තැකීමක් නැති බව දැක්වීමට මෙම යෙදුම පාවිච්චි වෙනවා.

They'll come here tomorrow. - I couldn't care less. ඒ අය හෙට මෙහෙ ඒවි. - ආවත් එකයි, නැතත් එකයි මට.

He couldn't care less about other people's safety. අනිත් අයගේ ආරක්ෂාව ගැන එයාට කිසිම තැකීමක් නැහැ.

2. Not bothered

විශේෂයෙන් බ්‍රිතාන්‍ය භාවිතයේ මෙම යෙදුමත් ඉහත යෙදුමට ආසන්න අදහසකින් භාවිතා වෙනවා.

She's not bothered about what we think. අපි මොනවා හිතුවත් එයාට කිසි ගානක් නැහැ.

What should I do now? - I'm not bothered. මොනවද මම දැන් කරන්න ඕනැ? - මොනවා කළත් මට එකයි.

3. Leave much/a lot to be desired

යමක අඩුපාඩු බොහෝ ඇති බව (අවශ්‍ය තත්වයට කොහෙත්ම ළඟා නොවන බව) දැක්වීමට යොදා ගැනෙනවා.

Her work leaves much to be desired. එයාගේ වැඩ හොඳටම මදි.

The current situation leaves a lot to be desired. වර්තමාන තත්වයේ ගොඩක් අඩුපාඩු තියනවා.

4. Make a mess

විශාල අවුලක්, පටලැවිල්ලක් ඇති කරන බව මෙයින් කියවෙනවා.

When we went home yesterday, the children had made a mess in the living room. අපි ඊයෙ ගෙදර යනකොට ළමයි සාලෙ හොඳටම අවුල් කරලා.

They've made a mess with the police. ඒ අය පොලීසියත් එක්ක ලොකු අවුලක් ඇති කරගෙන.

5. Have to face the music

විවේචනවලට මුහුණ දීමට සිදු වන බව කීමට භාවිතා කෙරෙනවා.

If you do that, I'll have to face the music when I meet the boss. ඔයා ඒක කෙරුවොත් මටයි ලොක්කා යම්බ උනාම බැනුම් අහන්න වෙන්නේ.

They made so much noise at the party last night; I had to face the music from my neighbours[BrE]/neighbors[AmE] this morning. ඒ ගොල්ලෝ ඊයෙ රෑ පාටියෙදී ගොඩාක් සද්ද කෙරුවා; මට අද උදේ වටපිට අයගෙන් බැනුම් අහන්න උනා.

6. Leave (someone) holding the baby

යමක් ගැන වගකීම කෙනෙක් මත පැටවෙන බව ප්‍රකාශ කිරීමට යොදා ගැනෙනවා.

The whole family was for organizing a trip, but finally I was left holding the baby. පවුලෙ ඔක්කොම විනෝද ගමනක් සංවිධානය කරන්න කැමති උනාට අන්තිමට මටයි වැඩේට කර ගහන්න උනේ.

Our boss went abroad shortly after this project was started, leaving the rest of us holding the baby. මේ ව්‍යාපෘතිය පටන් අරන් ටික දවසකින් අපේ ලොක්කා රට ගියා, වැඩේ අපි අනිත් කට්ටියට දාලා.  

7. Leave (somebody) in the lurch

කෙනෙකුට උදව් අවශ්‍ය අවස්ථාවක එසේ නොකර මග හැරීම දැක්වීමට මෙම යෙදුම භාවිතා වෙනවා.

There's a lot of work at the office today, so I can't come home early and leave the others in the lurch. අද ඔෆිස් එකේ ගොඩක් වැඩ තියනවා, ඒ නිසා මට අනිත් අයව දාලා කලින් ගෙදර එන්න බැහැ.

When I lost my job, I was left in the lurch by all my friends. මට රස්සාව නැති උන වෙලාවේ මගෙ යාළුවෝ ඔක්කොම කර ඇරියා.

(Image credit: Cristiano Betta )

7 comments:

  1. හැමදාම ඇවිත් යනවා..කඩ්ඩ හදා ගන්න ඕනෙ ඉක්මනටම.

    ReplyDelete
  2. @dinesh
    හැමදාම වගේ ටිකක් හරි ඉගෙන ගත්තොත් කඩ්ඩ හදා ගන්න එක එචිචර අමාරු නැහැ.

    ReplyDelete
  3. Dinesh are you conducting any grammar or spoken class?? Group of us would like to join..

    -Nimantha

    ReplyDelete
  4. Sorry should be corrected as Sujeewa. My bad..

    ReplyDelete
  5. @Anonymous
    I'm sorry, but my schedule is full at the moment.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails