Tuesday, April 27, 2010

A Simple Idea or Simplistic Idea? - සරල වැඩිද?



සමහර ඉංග්‍රීසි වචන තියනවා, එකම මූලයක් තිබුනට යෙදෙන්නේ වෙනස් ආකාරවලට, එහෙම නැතිනම් වෙනස් පසුබිම්වල. මේවා ගැන දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා වැරදි වැටහීම් වළක්වා ගන්න. බලමු අද ඒවගේ කීපයක් ගැන.

1. simple / simplistic

“සරල” කියන අර්ථයෙන් simple වචනය පාවිච්චි කරනවා කියලා අපි කව්රුත් දන්නවා. නමුත් ඒ වචනය ආශ්‍රයෙන් හැදුන simplistic පදය යොදන්නෙ “ඕනැව‍ට වැඩිය සරල", "යමක් ඕනැවට වැඩිය සරලව දකින” වැනි අර්ථවලින්. මේ දෙවැන්නෙ අනිවාර්යෙන්ම විවේචනාත්මක බවක් අන්තර්ගත වෙනවා.

It’s a simple idea. ඒක සරල අදහසක්.

It’s a simplistic idea. ඒක ඕනැවට වඩා සරල (බැරෑරුම් දේ ගැන අවධානය යොමු නොකරන) අදහසක්.

They have a simple lifestyle. ඒ ගොල්ලන්ගෙ ජීවන රටාව සරලයි.

He has a simplistic view of the world. එයා ලෝකෙ ගැන හිතන්නෙ ඕනැවට වඩා සරලව (බරක්පතලත් නැතිව).

2. nationalist / nationalistic

මේ මුල් nationalist පදය adjective එකක් විදිහට පාවිච්චි වෙනකොට ඒකෙන් අදහස් වෙන්නෙ “ජාතිකත්වය පීළිබඳ හැඟීමක් ඇති” යන්නයි. මෙය ඇතැම් විට “ජාතිකත්වය ගැන හැඟීම පමණට වඩා ඇති” යන විවේචනාත්මක අර්ථයෙනුත් භාවිතා වුණත්, බොහෝ විට එය “තමන්ගේ රටේ නිදහස, ස්වාධීනත්වය අගයන” යන හොඳ අර්ථයෙන් යෙදෙනවා.

The nationalist movement played a major role in gaining independence. ජාතික ව්‍යාපාරය නිදහස ලබා ගැනීමේදී විශාල කාර්ය භාරයක් ඉටු කළා.

නමුත් nationalistic නම් යෙදෙන්නේ  "ජාතිකත්වය ගැන හැඟීම පමණට වඩා ඇති” යන විවේචනාත්මක අර්ථයෙන්මයි.

Nationalistic sentiment is bad for harmony among countries. ජාතිකත්වය ඉස්මතු වූ හැඟීම රටවල් අතර සමගියට අයහපත්.

3. historic / historical

එකම ස්වරූපය ගත්තට මේ පද දෙක යෙදෙන ආකාර වෙනස්. “ඉතිහාසගත", "ඉතිහාසගත විය යුතු වැදගත්කමක් ඇති” අර්ථවලින් historic පාවිච්චි වෙනවා. “ඉතිහාසය හා සම්බන්ධ", "ඉතිහාසය ගැන සොයා බලන” වැනි අර්ථවලින් historical යොදා ගැනෙනවා.

We visited all the historic buildings of the area. අපි ප්‍රදේශයෙ ඉතිහාසගත ගොඩනැගිලි ඔක්කොම බලන්න ගියා.

historic monuments, historic events, a historic city... ඉතිහාසගත ස්මාරක, ඉතිහාසගත සිදුවීම්, ඉතිහාසගත නගරයක්...

This is a historic occasion / day / decision. මේක ඉතිහාසගත වෙන (ඉතිහාසගත විය යුතු වැදගත්කමක් ඇති) අවස්ථාවක් / දවසක් / තීරණයක්. 

It’s a historical novel. ඒක ඉතිහාසමය (ඉතිහාසය හා සම්බන්ධ) නවකතාවක්.

They are studying the historical background of the war. ඒ අය යුද්ධයෙ ඉතිහාසමය පසුබිම අධ්‍යයනය කරනවා.

That tower is of historical importance. ඒ කුළුණෙ ඉතිහාසමය වැදගත්කමක් තියනවා.

historical records, historical data, historical research... ඉතිහාසය සම්බන්ධ වාර්තා, ඉතිහාසමය තොරතුරු, ඉතිහාසය සම්බන්ධ පර්යේෂණ...

4. economic / economical

මෙහිදී “ආර්ථිකය / ආර්ථික විද්‍යාව සම්බන්ධ” අර්ථයෙන් economic ද, “පිරිමැසුම්දායක, සම්පත් අඩුවෙන් වැය කරන” අර්ථයෙන් economical ද, භවිතා වෙනවා.

economic growth,  economic development, economic forecasts, economic issues, economic theories, economic research… ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය, ආර්ථික අනාවැකි, ආර්ථික ගැටළු, ආර්ථික විද්‍යා න්‍යායයන්, ආර්ථික විද්‍යා පර්යේෂණ...

We need an economical car. වියදම් අඩු (වැඩි කාර්යක්ෂමතාවයක් ඇති) කාරෙකක් අපට අවශ්‍යයි.

It’s more economical to buy the larger “Family Pack”. වඩා ලොකු “ෆැමිලි පැක්” එක ගන්න එක වැඩිය පිරිමැසුම්දායකයි.

She is economical in everything she does. කරන හැම දෙයකදිම එයා පිරිමැසුම්දායකයි (කිසි දෙයක් නාස්ති කරන්නෙ නැහැ).

5. electric / electrical

“විදුලි බලයෙන් ක්‍රියා කරන”, “විදුලිය නිපදවන”, “විදුලිය නිසා ඇති වන” වැනි අර්ථවලින් electric භාවිතා වෙනවා.

an electric iron, electric lights, an electric generator, an electric current, an electric charge, an electric leak, an electric spark… විදුලි ඉස්ත්‍රික්කයක්, විදුලි පහන්, විදුලි ජනකයක්, විදුලි ධාරාවක්, විදුලි ආරෝපණයක්, විදුලිය කාන්දුවීමක්, විදුලි‍ය නිසා ඇති වූ ගිනි පුපුරක්...

“විදුලිය හා සම්බන්ධ” යන අර්ථයෙන් electrical ‍යෙදෙනවා.  

electrical equipment, electrical appliances, an electrical system, electrical engineering, electrical industries, electrical power, electrical energy, an electrical fault… විදුලි උපකරණ, විදුලි මෙවලම්, විද්‍යුත් පද්ධතියක්, විදුලි ඉංජිනේරු ශිල්පය, විදුලි බලය සම්බන්ධ කර්මාන්ත, විදුලි බලය, විද්‍යුත් ශක්තිය, විදුලිය සම්බන්ධ වැරැද්දක්...

ඇතැම් දේ සඳහා මේ දෙකම යෙදෙනවා, විශේෂයෙන් විදුලිය හසුරුවන දේ සඳහා.

electric / electrical wiring, an electric / electrical circuit, an electric / electrical cable, an electric / electrical switch, an electric / electrical plug... (ගොඩනැගිලි ආදියේ) විදුලි පරිපථ ජාලය, විදුලි පරිපථයක්, විදුලි රැහැනක්, විදුලි ස්විචයක්, විදුලි පේනුවක්...

සේයාරුවට ස්තුතිය:albertopveiga

8 comments:

  1. බොලේ හැබෑම තමයි."simplistic" හරිම ලේසියි. මං ඕක කියන්න වචන කීයක් නං පාවිච්චි කරනවාද?

    ReplyDelete
  2. සිOහලෙන් හරි ඉOග්‍රීසියෙන් හරි නැතිව ඉතාලි බාසාවෙන් පාලි බාසාවෙන් වාගෙ කොමෙන්ට් දමන එවුන් ඉන්නවද?

    ReplyDelete
  3. @Siribiris
    ලොකු තේරුමක් තියන එක වචනයක් සමහර වෙලාවට වෙන වචන ගොඩකට වඩා වටිනවා.

    ReplyDelete
  4. @indi
    මෙතන මම "සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්" කියල දැම්මෙ සමහර අයට පරිගණකයේ සිංහල ලියන්න අපහසුකම් තියන නිසායි. මේ හේතුව නිසා සමහර බ්ලොග්වල සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ "සිංග්ලිෂ්"වලින් ප්‍රතිචාර දක්වන්න කියලා තියනවා මම දැකලා තියනවා.

    ReplyDelete
  5. I had a simplistic view on these differences in the words. But now it seems that they're both simple and important. Thanks!

    ReplyDelete
  6. ම් ම් ගොඩක් කාලෙකින් ඉංගිරිසි පන්තිය නැහැ නේ... සර් අසනීප වෙලාද?

    ReplyDelete
  7. @wath: අනේ මන්ද, ඉංගිරිසි ගූගල් ගෲප් එකෙත් සද්දයක් නෑ

    ReplyDelete
  8. @wath & තමීර | Thameera

    දෙයියන්ගෙ පිහිටෙන් එහෙම නම් නැහැ. ඒත් පහුගිය ටිකේ හිතපු නැති විදිහට වැඩ වැඩි උනා.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails