අපි සමහර දේවල නිමක් දකින්න බලාගෙන ඉන්නවා; ඒ සාමාන්‍යයෙන් අපි අකමැති දේ. තවත් වෙලාවල කරදර තිබුනත් අවසානයේ හොඳක් වෙයි කියලා අපි හිතනවා. දිගින් දිගට ඉදිරියට යන ජීවිතයක් මිසක්, ස්ථිර අවසනක් අපට හමු නොවුණත්, මේ ආකාරයෙන් අවසානයන් බලාපොරොත්තු වීම මනුෂ්‍ය ස්වභාවය; හරියට ඉස්කෝලේ යන ළමයි මේ දවස්වල වාර අවසානය බලන් ඉන්නවා වගේ.
ඉතින් මේ අවසානයේ සිදු වෙන දේ ගැන කතා කරන්න ඉංග්‍රීසි භාෂාවේ ක්‍රම කීපයක් තියනවා. හැබැයි ඒ ඔක්කොම එකම අර්ථයෙන් නෙමෙයි. මේ ගැන ටිකක් විමසලා බලමු.
(1) finally
- අනුපිළිවෙලින් කෙරෙන දේවල අවසාන අංගය සඳහා මෙය ගැනෙනවා.
මුලින්ම වතුර උණු කරනවා; දෙවෙනියට තේ කොළ එකට ඒ වතුර දානවා;... ;අන්තිමට තේ බොනවා.
("firstly", "secondly" ආදී වශයෙන් යෙදෙන්නේ වැඩි වශයෙන් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේයි.)
They flew to Trichy, went on to Chennai by bus, and finally decided to visit Bangalore too.
ඒ අය ට්‍රිචිවලට ගුවනින් ගිහින්, එතනින් බස් එකේ චෙන්නායි ගිහින්, අන්තිමට බැංගලෝර් බලන්න යන්නත් තීරණය කළා.
- "යම් දීර්ග ක්‍රියාවක/ක්‍රියාවලියක අවසානයේ", "වෙනස්වීම් හෝ අවිනිශ්චිතතා අවසානයේ" වැනි අර්ථවලින් මෙය යොදා ගන්නවා.
අන්තිමේදී අපට ඒක ඇඳක් යට තිබිලා හම්බ වුණා.
The flight finally left two hours late.
ගුවන් යානය අන්තිමේදී පිටත් වුණේ පැය දෙකක් පරක්කු වෙලා.
They hated each other at first, but finally they got married.
මුලදී ඒ දෙන්නා හරි තරහෙන් හිටියේ; ඒත් අන්තිමේදී බැන්දා.
We'll finally have to pay the fine.
(මොනවා කළත්) අන්තිමේදී අපට දඩය ගෙවන්න වෙනවා.
- "කාලයක් බලා සිට", "සෑහෙන උත්සාහයකින් පසුව", "කීප වතාවක් උත්සාහ කර" වැනි අදහස් මෙහි ඇති අවස්ථාවල ඒ සිදු වූ දේ ගැන සහනය මුසු හැඟීමක්ද එතුළ ගැබ් වෙනවා.
විභාගේ ඉවරයි යන්තම්.
He has finally passed that exam.
එයා යන්තම් මේ සැරේ ඒ විභාගේ පාස් වෙලා.
- "නිශ්චිත වශයෙන්ම" යන අර්ථයෙනුත් මෙය හමු වෙනවා.
ඒ කාරණය කවදාවත් හරියටම විසඳුනේ නැහැ.
(2) at last
"කාලයක් බලා සිට", "සෑහෙන උත්සාහයකින් පසුව", "කීප වතාවක් උත්සාහ කර" වැනි අදහස් ඇතිව මෙය යෙදෙන්නේ සිදු වූ දේ ගැන විශාල සහනයක් දැක්වීමටයි.
At last the exam is over.
ඇති යාන්තම් විභාගේ ඉවරයි.
At last he has passed that exam.
ඇති යාන්තම් එයා මේ සැරේ ඒ විභාගේ පාස් වෙලා.
When we found it under a bed at last, we had almost given up hope.
හප්පේ, අන්තිමේදී අපට ඒක ඇඳක් යට තිබිලා හම්බ වෙනකොට අපි බලාපොරොත්තු අත් ඇරලා වගේ හිටියේ.
At last! He returned the money this morning.
ඇති යාන්තම්! එය අද උදේ සල්ලි අපහු දුන්නා.
(3) last
- "අනිත් සියල්ලට පසුව" යන අර්ථයෙන් මෙය ගැනෙනවා.
එයා රැස්වීමේදී කතා කළේ අනිත් ඔක්කොටම පස්සේ.
I came last in the race.
මම රේස් එකෙන් අන්තිමයා වුණා.
- "මේ වෙන තෙක් අන්තිම වතාවට" අදහසින් යෙදෙනවා.
ඔයාට අයව අන්තිම වතාවට හම්බවුණේ කවදද?
අන්තිම වතාවට මම එයාව දැක්කේ අවුරුදු දෙකකට කලින්.
(4) lastly
අනුපිළිවෙලින් කෙරෙන දේවල අවසාන අංගය සඳහා මෙය ගැනෙනවා.
First (Firstly,) you boil water; second (secondly,) you pour it over the tea leaves;... lastly you drink your tea.
මුලින්ම වතුර උණු කරනවා; දෙවෙනියට තේ කොළ එකට ඒ වතුර දානවා;... ;අන්තිමට තේ බොනවා.
They flew to Trichy, went on to Chennai by bus, and lastly decided to visit Bangalore too.
ඒ අය ට්‍රිචිවලට ගුවනින් ගිහින්, එතනින් බස් එකේ චෙන්නායි ගිහින්, අන්තිමට බැංගලෝර් බලන්න යන්නත් තීරණය කළා.
(5) in the end
- "යම් දීර්ග ක්‍රියාවක/ක්‍රියාවලියක අවසානයේ", "වෙනස්වීම් හෝ අවිනිශ්චිතතා අවසානයේ" වැනි අර්ථවලින් මෙය යොදා ගන්නවා.
අන්තිමේදී අපට ඒක ඇඳක් යට තිබිලා හම්බ වුණා.
In the end, the flight left two hours late.
ගුවන් යානය අන්තිමේදී පිටත් වුණේ පැය දෙකක් පරක්කු වෙලා.
They hated each other at first, but they got married in the end.
මුලදී ඒ දෙන්නා හරි තරහෙන් හිටියේ; ඒත් අන්තිමේදී බැන්දා.
We'll have to pay the fine in the end.
(මොනවා කළත්) අන්තිමේදී අපට දඩය ගෙවන්න වෙනවා.
- "සියලු දේ සලකා බැලූ විට" යන අර්ථයෙන් මෙය ගැනෙනවා.
In the end, what she said was right.
හැම දෙයක්ම බැලුවම එයා කියපු දේ තමයි හරි.
It's a matter of principle in the end.
(මොනවා කිව්වත්) අන්තිමට ඒක ප්‍රතිපත්ති සම්බන්ධ දෙයක්.
(6) at the end
මෙහි ඇත්තේ හුදෙක් යමක අවසානයේ යන අර්ථයයි; එහි වෙනත් අදහස් ගැබ් වී නැහැ.
The meeting lasted two hours but we had no solution at the end.
රැස්වීමට පැය දෙකක් ගත වුණා, ඒත් ඒක අවසානයේ අපට විසඳුමක් තිබුනේ නැහැ.
I wasn't so worried about the exam at the end.
විභාගේ ඉවර වෙනකොට මට ඒ ගැන එච්චර කණස්සල්ලක් තිබුනේ නැහැ.
(7) eventually
"යම් දීර්ග ක්‍රියාවක/ක්‍රියාවලියක අවසානයේ", "වෙනස්වීම් හෝ අවිනිශ්චිතතා අවසානයේ" වැනි අර්ථවලින් මෙය යොදා ගන්නවා.
We eventually found it under a bed.
අන්තිමේදී අපට ඒක ඇඳක් යට තිබිලා හම්බ වුණා.
The flight eventually left two hours late.
ගුවන් යානය අන්තිමේදී පිටත් වුණේ පැය දෙකක් පරක්කු වෙලා.
They hated each other at first, but eventually they got married.
මුලදී ඒ දෙන්නා හරි තරහෙන් හිටියේ; ඒත් අන්තිමේදී බැන්දා.
We'll eventually have to pay the fine.
(මොනවා කළත්) අන්තිමේදී අපට දඩය ගෙවන්න වෙනවා.
- "යම් දීර්ග ක්‍රියාවක/ක්‍රියාවලියක අවසානයේ", "වෙනස්වීම් හෝ අවිනිශ්චිතතා අවසානයේ" වැනි අර්ථවලින් මෙය යොදා ගන්නවා.
අන්තිමේදී අපට ඒක ඇඳක් යට තිබිලා හම්බ වුණා.
The flight ultimately left two hours late.
ගුවන් යානය අන්තිමේදී පිටත් වුණේ පැය දෙකක් පරක්කු වෙලා.
They hated each other at first, but ultimately they got married.
මුලදී ඒ දෙන්නා හරි තරහෙන් හිටියේ; ඒත් අන්තිමේදී බැන්දා.
We'll ultimately have to pay the fine.
(මොනවා කළත්) අන්තිමේදී අපට දඩය ගෙවන්න වෙනවා.
- "සියලු දේ සලකා බැලූ විට" යන අර්ථයෙන් මෙය ගැනෙනවා.
හැම දෙයක්ම බැලුවම එයා කියපු දේ තමයි හරි.
It's ultimately a matter of principle.
(මොනවා කිව්වත්) අන්තිමට ඒක ප්‍රතිපත්ති සම්බන්ධ දෙයක්.
මේ වගේ ආසන්න අර්ථ ඇතත් තරමක් වෙනස් ආකාරවලට භාවිතා වෙන යෙදුම් ගැන කලින් පළ වුණ ලිපි දෙකක් තමයි "Is This a Normal, Ordinary, General or Average Case? - සාමාන්‍යයෙන් අසාමාන්‍ය කඩ්ඩ" සහ "Of Course, Certainly, Surely, In Fact, Actually, Really, Indeed - ඇත්තෙන්ම එහෙමද?".
(Image credit: ednl)