Wednesday, July 28, 2010

When You’re Up Against the Wall - ඉනිමගක් ඕනැ වෙයිද?


මේ ළඟදි අපි දන්න එක ගෙදරක බිත්ති අඵතින් පාට ගෑවා. මේක දැකලා මට නිකමට මතක් වුණා ඉංග්‍රීසි භාෂාවෙ ‘බිත්තිය’ අර්ථය දෙන wall පදය ආශ්‍රයෙන් යෙදුම් ගණනාවක් තියන බව. ‍

මුලින්ම කියන්න ඕනැ දෙයක් තමයි, ඉංග්‍රීසියේ ‘බිත්තිය’, ‘තාප්පය’ වැනි තේරුම් ඇතිව wall යන්න යෙදෙනවා වගේම, ‘බිත්තියේ’ නැත්නම් ‘තාප්පයේ’ යමක් ඇති බව දැක්වීමේදී යෙදෙන්නේ ‘on the wall’ යන්නයි.

There are posters on the wall. තාප්පෙ පෝස්ටර් තියනවා.

Hang this picture on the wall. මේ පිංතූරෙ බිත්තියෙ එල්ලන්න.

මේ වචනය ඇතුළත් සාම්ප්‍රදායික යෙදුම් (idiomatic expressions) කීපයක් දැන් බලමු.

1. be up against the wall, have one’s back to/against the wall - විසඳුමක් සොයා ගැනීමට අමාරු කරදරයකට ලක්වී සිටිනවා

With all the children sick and her husband away, she was (up against the wall)/(had her back to/against the wall) last week. ගිය සතියෙ එයාගෙ හස්බන්ඩ් (සැමියා) ගමනක් ගිහිල්ලා ඉඳිද්දි ළමයි ඔක්කොම අසනීප වෙලා එයා ලොකු කරදරයක් වින්දා.

Your true character is exposed when you (are up against the wall)/(have your back to/against the wall).  ලොකු කරදයකට වැටුනම කෙනෙකුගෙ නියම ස්වභාවය (චරිත ලක්ෂණ) පෙනෙන්න ගන්නවා.

2. push/get/have someone up against the wall, push/drive/force someone to the wall - විසඳුමක් සොයා ගැනීමට අමාරු කරදරයක දමනවා

Problems both at home and at work (pushed/got/had him up against the wall)/(pushed/drove/forced him to the wall). ගෙදරයි, වැඩ කරන තැනයි දෙකේම ප්‍රශ්න නිසා එයා ලොකු කරදරයක වැටුනා.

3. come up against a blank/stone/brick wall, hit a brick wall, run into a stone wall - කිසි ප්‍රතිඵලයක් නැති, තවත් ඉදිරියට යාමටත් නොහැකි තත්වයකට පත් වෙනවා

Though we tried very hard to find their whereabouts, we finally (came up against a blank/stone/brick wall)/(hit a brick wall)/(ran into a stone wall). ඒ අය ඉන්න තැනක් හොයා ගන්න අපි ගොඩක් උත්සාහ කළත් අන්තිමේදි කිසි පලක් උනේ නැහැ.

4. hit a/the wall - ඉදිරි ගමන නවතිනවා

I’ve hit a/the wall with my singing practice. මගෙ ගායනා පුහුණුව නැවතිලා තියෙන්නෙ.

What do you do when you hit a/the wall in a project like that? ඒ වගේ ව්‍යාපෘතියක ගමන ඇණ හිටියම මොකද කරන්නෙ?

5. bang/beat/knock/run one’s head against a brick wall – කිසිදා පලක් නොලැබෙන දෙයක් කරනවා

If she goes to court against them, she just bangs/beats/knocks/runs her head against a brick wall. එයා ඒ අයට විරුද්ධව නඩු කියන්න ගියොත් ඒක කළු ගලේ ඔළුව ගහ ගත්තා වෙනවා.

Trying to argue with him is like banging/beating/knocking/running your head against a brick wall. එයා එක්ක වාද කරන්න යන එක කළු ගලේ ඔළුව ගහ ගත්තා වගේ.

6. writing/handwriting[AmE] on the wall - යම් දෙයක් (සාමාන්‍යයෙන් නරක දෙයක්) සිදු වෙන බවට ඇති පෙර සලකුණු

We were surprised that they didn’t see the writing/handwriting[AmE] on the wall. අපට පුදුම හිතුනා ඒ අයට ඒක ‍සිද්ද වෙන බව නොතේරුන එක ගැන.

We should be able to see the writing/handwriting[AmE] on the wall. අපට පුලුවන් වෙන්න ඕනැ සිද්ද වෙන්න යන දේවල්වල සලකුණු (පෙර සලකුණු) කලින් අඳුන ගන්න.


***මෙය පහත රටාවටත් යෙදෙනවා.

The writing/handwriting[AmE] is on the wall. වෙන්න යන දේවල සලකුණු පේන්න තියනවා.

7. drive/send someone up the wall - කෙනෙකුව තදින් තරහ ගස්සනවා හෝ දරා ගැනීමට අපහසු වෙනත් මානසික තත්වයකට පත් කරනවා

When your father sees this, it’ll drive/send him up the wall. ඔයාගෙ තාත්තා මේක දැක්කම එයාට යකා නගීවි.

Looking for a new job drove/sent me up the wall. අළුත් රස්සාවත් හොයන්න ගිහින් මට ඇති උනා. 

***මෙවැන්නක් පහත ආකාරයෙනුත් කියවෙනවා.

When your father sees this, he’ll go up the wall.

I went up the wall looking for a new job.  


***පහත රටාවත් දකින්න ලැබෙනවා.

We were all up the wall during her illness. එයා අසනීප වෙලා ඉන්දි අපි ඔක්කොම හරි හිත කලබලෙන් හිටියේ. 

8. go to the wall – (ව්‍යාපාරයක් වැන්නක්) අසාර්ථක වෙනවා

A number of businesses have gone to the wall in the past few years. පහුගිය අවුරුදු කීපයෙ ව්‍යාපාර ගණනාවක් අසාර්ථක වෙලා තියනවා.

9. off the wall - අසම්මත

Some of his ideas are off the wall. / He has some off-the-wall ideas. එයාගෙ සමහර අදහස් අසම්මත ඒවා. / එයාට සමහර අසම්මත අදහස් තියනවා.

10. wall-to-wall - සම්පූර්ණයෙන්, හැම තැනම

සම්පූර්ණයෙන්ම කාපට් දමා ඇති විට කියන ‘wall-to-wall carpeting’ හි යෙදෙන මෙය වෙනත් අවස්ථා සඳහාද යොදා ගැනෙනවා.

The tournament had wall-to-wall TV coverage. තරඟාවලිය සම්පූර්ණයෙන්ම රූපවාහිනියෙන් විකාශනය කෙරුනා.

11. a fly on the wall - තමන් කැපී පෙනීමෙන් වැළකී අනිත් අය නිරීක්ෂණය කරන්නෙක්

I want to be a fly on the wall at the ceremony. උත්සවයෙදි මට ඕනැ සද්ද නැතිව වෙන දේ බලන් ඉන්න.

It’s a fly-on-the-wall documentary.  ඒක පසුබිමින් ඉඳන් වෙන දේ නිරීක්ෂණය කරන වාර්තා වැඩ සටහනක්.

12. a wallflower - සම්භාෂණයක් වැනි තැනකදී මුළු ගැන්වී සිටින්නෙක්

Don’t be a wallflower at the party. Take part in something. පාටියෙදි කොන් වෙලා ඉන්න එපා. යමකට සහභාගි වෙන්න.


13. bounce off the walls - ඉතා උ‍ද්‍යෝගිමත්ව සිටිනවා
  
The children were bouncing off the walls at the party. සම්භාෂණයෙදි ළමයි බොහොම උ‍ද්‍යෝගයෙන් හිටියා.


14. climb the wall(s) තමන්ට ඉතා ඉතා නීරස හෝ දරා ගැනීමට අපහසු අවස්ථාවක සිටින ලක්ෂණ දක්වනවා

After spending about two hours at their place, the children started to climb the wall(s). ඒ ගොල්ලන්ගෙ ගෙදර පැය දෙකක් විතර හිටියට පස්සෙ ළමයි (එපා වෙලා) ටිකක් කලබල කරන්න පටන් ගත්තා.

She was climbing the wall(s) to get back to work. ආයෙ වැඩට යනකම් එයා එපා වෙලා හිටියේ.

15. like talking to a brick wall - බීරි අලින්ට වීණා වාදනය කරනවා වගෙයි (ඇහුම්කන් නොදෙන කෙනෙකුට යමක් කියන විට මෙසේ කියනවා)

I tried to give him some advice, but it was like talking to a brick wall. මම එයාට ටිකක් අවවාද කරන්න හැදුවා, ඒත් ඒක බීරි අලියෙකුට වීණා ගහනවා‍ වගේ. 

(සේයාරුවට ස්තුතිය: Jolante  

Wednesday, July 21, 2010

I Kind of Like Computers - කම්පියුටර් වර්ගයකටද කැමති?




It's a kind of bird. ඒ/මේ කුරුළු වර්ගයක්. 

Iron is a kind of metal. යකඩ ලෝහ වර්ගයක්.

මේ ප්‍රකාශ නම් සරලයි නේද? ඒත් That was a lunch of a kind.’ කියන්නෙ ඒක දවල් කෑම වර්ගයක් කියන එකද? එතකොට I kind of like computers’ වගේ වාක්‍යවල තේරුම මොකක්ද

ඉංග්‍රීසි භාෂාවෙ වර්ගය වැනි අර්ථවලින් kind, sort, type වැනි වචන පාවිච්චි වෙන බව අපි දන්නවා. නමුත් මේවා යෙදෙන ආකාරවල වෙනස්කම් ඇතැම් අවස්ථාවල දකින්න ලැබෙනවා. භාවිතයෙදි නිතර හමු වෙන එවැනි රටා කීපයක් සලකා බලමු.

1. kind/sort/type of (noun)

Cucumber is a kind/sort/type of vegetable. පිපිඤ්ඤා/කැකිරි එළවළු වර්ගයක්.

Granite is a hard kind/sort/type of rock. ග්‍රැනයිට් හයිය ගල් (පාෂාණ) වර්ගයක්.

This kind/sort/type of answer is not good enough. මේ ජාතියෙ උත්තරයක් හොඳ මදි.

I’m not that kind/sort/type of girl. මම ඒ ජාතියෙ (ඒ වගේ) කෙල්ලෙක් නෙමේ.

What kind/sort/type of rice do you want? – The kind/sort/type I bought last time. ඔයාට මොන ජාතියෙ (වර්ගයෙ) හාල‍්ද ඕනැ? - මම ගිය පාර ගත්ත ජාතිය.

What kind/sort/type of man is he? එයා කොයි වගේ කෙනෙක්ද (මිනිහෙක්ද)?

That’s the kind/sort/type of man you generally meet in a place like that. ඒ වගේ තැනකදි සාමාන්‍යයෙන් හම්බ වෙන්නෙ ඒ ජාතියෙ මිනිහෙක්/මිනිස්සු තමයි.

Call me if you have any kind/sort/type of problem. මොකක් හරි (මොන විදිහක හරි) ප්‍රශ්නයක් ආවොත් මට කතා කරන්න.
This is (not) my kind/sort/type of music. මේ තමයි (මේ නෙමෙයි) මම කැමති ජාතියෙ සංගීතය.

I know his kind/sort/type. මම දන්නවා එයාගෙ ජාතියෙ අයගෙ හැටි.

She’s not my kind/sort/type. එයා මම කැමති ජාතියෙ (විදිහෙ) කෙනෙක් නෙමෙයි.

***ගණන් කළ හැකි දෙයක් සම්බන්ධව ඇතැම් විට අවිධිමත් (informal) භාවිතයේ පහත රටාවත් යෙදෙනවා.

What kind/sort/type of a man is he? එයා කොයි වගේ කෙනෙක්ද (මිනිහෙක්ද)?

***kind/sort/type ofට පසුව එන නාම පදය (noun) බොහෝ විට ඒක වචන (singular) ස්වරූපයෙන් තිබුනත්, අවස්ථානුකූලව එය බහු වචනයක් (plural) වීමටත් හැකියි. නමුත් විශේෂයෙන් විධිමත් (formal) භාවිතයේ බහු වචන සමග (2) හෝ (3) රටා වඩා බහුලයි.

That’s the kind/sort/type of people you generally meet in place like that. ඒ වගේ තැනකදි සාමාන්‍යයෙන් හම්බ වෙන්නෙ ඒ ජාතියෙ අය තමයි

We had the same kind/sort/type of problems. අපටත් ඒ/ඔය ජාතියෙම ප්‍රශ්න ඇති උනා.

The room was full of the kind of books she liked. එයා කැමති ජාතියෙ පොත්වලින් කාමරය පිරිලා තිබුනා.

This kind/sort/type of expressions are very common in English. මේ ජාතියෙ යෙදුම් ඉංග්‍රීසියෙ නිතරම හම්බ වෙනවා.

***ඇතැම් අය ඉහත වාක්‍යය වැනි තැන්වලදී These kind of expressions’ ආකාරයත් අවිධිමත් (informal) භාවිතයේදී යොදනවා.

(2.) kinds/sorts/types of (noun)

What kinds/sorts/types of TV programmes[BrE]/programs[AmE] do you like? ඔයා කැමති මොන ජාතිවල රූපවාහිනී වැඩ සටහන්වලටද?

He likes all kinds/sorts/types of music. එයා හැම ජාතියෙම සංගීතයට කැමතියි.

We have four (different) kinds/sorts/types of chairs. අපි ළඟ (එකිනෙකට වෙනස්) පුටු ජාති හතරක් තියනවා.

They’ve seen the same kinds/sorts/types of animals that we saw at the national park. ජාතික වනෝද්‍යානයෙදි අපි දැක්ක ජාතිවල සත්තුම ඒ අයත් දැකලා තියනවා.

He never misses those intellectual kinds/sorts/types of discussions on TV. එයා කවදාවත් රූපවාහිනියෙ ඒ වගේ බුද්ධිමත් ආකාරවල සාකච්ඡා නොබලා ඉන්නෙ නැහැ.
Have you tasted any other kinds/sorts/types of fruit(s)? ඔයා වෙන පළතුරු වර්ග මුකුත් කාලා බලලා (රස බලලා) තියනවද?

***kinds/sorts/types ofට පසුව එන නාම පදය ගණන් කළ හැකි දෙයක් සම්බන්ධව නම් එය සාමාන්‍යයෙන් බහු වචන ස්වරූපයෙන් යෙදෙනවා. නමුත් ඇතැම් අය එහිදී ඒක වචන නාම පද යොදනවාත් දකින්න ලැබෙනවා.

They saw many kinds/sorts/types of animal. ඒ අය ගොඩක් සත්තු ජාති දැක්කා.

3. (noun) of the/this/that... kind/sort/type

I also want a pen of that kind/sort/type. මටත් ඒ ජාතියේ පෑනක් ඕනැ.

We’d never seen any paintings of the kind/sort/type. ඒ ජාතියෙ චිත්‍ර අපි කවදාවත් දැකලා තිබුනෙ නැහැ.

Have you read novels of this kind/sort/type before? මේ ජාතියෙ නව කතා මීට කලින් කියවලා තියනවද?

4. (noun) of a kind

She is one of a kind. එයා අමුතුම ‍විදිහෙ කෙනෙක් (ඒ විදිහෙ එක් කෙනයි ඉන්නේ).

They are two of a kind. ඒ දෙන්නා එකම විදි‍හෙ දෙන්නෙක්.

5. (noun) of a kind/sort

That was a lunch of a kind/sort. ඒක එක්තරා‍ විදියක දවල් කෑමක් තමයි (එතරම් සතුටුදායක හෝ ප්‍රමාණවත් කෑමක් නොවෙයි).

He had plans of a kind/sort. එයාට එක්තරා විදිහක සැලසුම් වගයක් තිබුනා (ඒවා එතරම් වැඩදායක ඒවා කියලා මම හිතන්නෙ නැහැ).

***අවිධිමත් භාවිතයේ මේ වෙනුවට (noun) of sortsයන්නත් යෙදෙනවා.

That was a lunch of sorts.

6. (adjective) type

She’s a sporty type. එයා ක්‍රීඩාවට ලැදි (ක්‍රීඩාශීලී ගණයේ) කෙනෙක්.

My friend is a serious type. මගෙ යාළුවා හැම දෙයක්ම බරපතලට හිතන (ගණයේ) කෙනෙක්.

It’s a Victorian-type building. ඒක වික්ටෝරියානු ගණයේ ගොඩනැගිල්ලක්.

***පුද්ගලයන් සම්බන්ධව අවිධිමත් භාවිතයේ sortයන්නද මේ ආකාරයෙන් යෙදෙනවා.

She’s a sporty sort. එයා ක්‍රීඩාවට ලැදි කෙනෙක්.

7. kind/sort of (verb/adjective/noun) (මෙම ‍රටාව යෙදෙන්නේ අවිධිමත් භාවිතයේ පමණයි.)

I kind/sort of like computers. කම්පියුටර්වලට මගෙ තරමක (එක්තරා විදිහක) කැමැත්තක් තියනවා (විශාල උනන්දුවක් නොවෙයි).

Their house is kind/sort of big. ඒ ගොල්ලන්ගෙ ගෙදර තරමක් ලොකුයි.

It’s kind/sort of a tradition here. ඒක මෙහෙ සම්ප්‍රදායක් වගේ දෙයක්.

Do you like this blog? – Sort of. ඔයා මේ බ්ලොග් එකට කැමතිද? - තරමක් දුරට.

8. in kind

She won’t take any money, so we’ll have to pay her in kind. එයා සල්ලි ගන්න එකක් නැති නිසා අපට එයාට ගෙවන්න වෙන්නෙ වෙන (මූල්‍යමය නොවෙන ) විදිහකට.

If you shout at him, he’ll respond in kind. ඔයාට එයාට කෑගැහුවොත් එයාත් ඒ විදිහටම කරාවි (ප්‍රතිචාර දක්වාවි).

(සේයාරුවට ස්තුතිය: mikebaird) 


Related Posts with Thumbnails