Friday, June 17, 2011
How About the English Medium Now? ඉංග්‍රීසි මාධ්‍යයට බහිමුද?
සමහර විට මේ බ්ලොග් අඩවිය කියවන ඇතැම් අය දන්නවා ඇති භාෂා ව්‍යවහාරය ගැන ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියන්න ගත්ත 'Say It Out Loud!' බ්ලොග් සටහන ගැන. එය මම ලියන්න හිතුවේ කාරණා කීපයක් මත.
ඉන් එකක් තමයි භාෂා අධ්‍යයනයේ යම් අවස්ථාවක එම භාෂාව තුළින්ම එය ඉගෙනීමට අපට අවතීර්ණ වීමට සිදු වීම. ගොඩ ඉඳන් පීනන්න ඉගෙන ගන්න බැහැ වගේම බසකට ප්‍රවිෂ්ට නොවී එය හොඳින් ඉගෙනීමත් කරන්න අපහසුයි. ආරම්භයේදි කෙසේ වෙතත් සෑහෙන දුරකට භාෂාව හදාරගෙන යද්දි මේ තත්වය අනිවාර්යයෙන්ම උදා වෙනවා.
සාමාන්‍යයෙන් ලංකාවේ වැඩි දෙනෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නේ, එය නැතිව බැරි නිසා, යාන්තම් ජාම් බේර ගන්න - එහෙම නැති නම් ටිකක් නයා දාන්න - කියලායි මගේ නම් අවබෝධය. නමුත් මේ බ්ලොග් අඩවිය කියවන අය බොහෝ දෙනෙකුගේ අරමුණ ඊට වෙනස්, මම හිතන්නේ. මෙහි දකුණු පැත්තේ තියෙන අදයස් විමසුමට සහභාගි වුණ අයගෙන් තුනෙන් දෙකක්ම කියා තිබෙන්නේ තමන්ගේ අරමුණ ඉහළම තලයේ භාෂා දැනුමක් ලබා ගැනීම බවයි. ඉතින් ඒ නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් යමක් ඉගෙනීමට හුරු වීම වැදගත් වෙනවා (සමහර විට ඔබ එය දැනටමත් කරනවා ඇති).
අනිත් අතට ඒ අඩවියේ අනුගමනය කරන්න හිතා ගත්තේ තරමක් වෙනස් ශෛලියක්. 'ඉංගිරිසි'හි මෙන් යම් මාතෘකාවක් ගැන අග මුල සියල්ල කතා නොකර, එක් දෙයක් ගැන කෙටියෙන් - නමුත් උදාහරණ ඇතිව - සාකච්ඡා කිරීම එහිදී කෙරෙනවා. ඒ නිසා තේරුම් ගැනීමේ අපහසුවක් එතරම් ඇති නොවෙනු ඇතැයි සිතනවා.
ඊට අමතරව කලකට ඉහතදී ආරම්භ කළ 'Ingirisi Google Group' පිටුව ඉංග්‍රීසි බස ගැන සාමාජිකයන්ට ඇති විවිධ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා වෙන් වුණත්, එය භාවිතය ක්‍රමයෙන් හීන වී ගිය ආකාරයක් පෙනෙනවා. සාකච්ඡා කිරීමට ගැටළුවක් නැති කෙනෙකුට වුණත් එහි පිවිසුනොත් ඉංග්‍රීසි අධ්‍යයනය සඳහා වැදගත් වෙන සබැඳි රාශියක් විවිධ මාතෘකා යටතේ හමු වේවි. උදාහරණයක් වශයෙන් පසු ගිය වසරේ ඉතා ජනප්‍රිය වුණ බටහිර නවකතා සමූහයක් බාගත හැකි සබැඳියක් එහි නොබෝදා ඇතුළත් කෙරුනා. ඒ පැත්තෙත් පොඩ්ඩක් ගිහිල්ලා බලමුද?
'Ingirisi Facebook Group' එකක් පටන් ගත්තොත් භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීමට වැදගත්, ප්‍රයෝජනවත් සබැඳි ආදිය පහසුවෙන් ඉදිරිපත් කරන්න හැකියි කියලා කෙනෙක් කිව්වා. මේ ගැන ඔබේ අදහස් මොනවාද?
Sunday, June 12, 2011
Cost an Arm and a Leg? බෝම්බයක්වත්ද?
මීට කලින් අපි බැලුවා මතක ඇති අපේ ශරීරයේ ප්‍රධාන අංගයක් වෙන මුහුණ සම්බන්ධයෙන් තියෙන ඉංග්‍රීසි යෙදුම් (Ever Lost Face? - එහෙම වෙන්නෙ කොහොමද?). හැබැයි අනිත් ශරීරාංග සම්බන්ධ කර ගෙනත් මෙවැනි රසවත් යෙදුම් තියෙනවා. එවැනි කීපයක් මේ ලිපියෙන් පොදුවේ සලකලා බලමු.
1. cost an arm and a leg
ටිකක් බයත් හිතෙන මේ වාක්‍ය ඛණ්ඩය මම මුලින්ම ඇහුවේ ඒ දවස්වල ඉතා ජනප්‍රිය වෙලා තිබුන "The Cosby Show" රෑපවාහිනී වැඩසටහනේ බව මට තවම මතකයි. මෙය බෝම්බ පිපිරීමකට හෝ මස් කඩයකට සම්බන්ධ දෙයක් නම් නෙමෙයි. එයින් අදහස් කෙරෙන්නේ යමකට ඉතා විශාල මුදලක් වැය වන බවයි.
It cost me an arm and a leg to get it repaired. ඒක හදා ගන්න (අළුත්වැඩියා කරවා ගන්න) මට මාර වියදමක් ගියා.
If you want to buy some land in that area, it'll cost you an arm and a leg. ඒ පැත්තෙ ඉඩමක් ගන්න නම් සල්ලි කන්දරාවක් වියදම් කරන්න වෙයි.
2. pay through the nose
මේකත් ටිකක් හොල්මන් වෙන කතාවක් නේද? නහයෙන් කොහොමද ගෙවන්නෙ? කොහොම නමුත් මේකෙනුත් අදහස් කරන්නෙ යමක් සඳහා නොවටිනා තරම් විශාල මුදලක් ගෙවීමයි.
We had to pay through the nose for our meals at the hotel. හෝටලේ අපේ කෑමවලට හෙන ගාණක් ගෙවන්න උනා.
3. get cold feet
මේක මේ දවස්වල වහින නිසා වෙන දෙයක් නෙමෙයි. බියක් දැනී කලින් කිරීමට අදහස් කරගෙන සිටි යමක් නවතා දැමීමේදී මෙසේ කියවෙනවා.
He wanted to complain to the boss about it but then he got cold feet. එයාට ඕනැ උනා ලොක්කාට ඒ ගැන පැමිණිලි කරන්න, ඒත් පස්සේ බය හිතිලා පස්ස ගැහුවා.
4. get one's feet wet
මේකත් මේ දවස්වල වැස්ස නිසා අපි හැමෝටම වගේ වෙනවා. ඒත් අළුත් දෙයක් පිළිබඳ මුල් අත්දැකීම් ලබා ගැනීම දැක්වීමට මේ යෙදුම භාවිකා වෙනවා.
She went to a seminar on IT to get her feet wet in that field. එයා තොරතුරු තාක්ෂණය ගැන සම්මන්ත්‍රණයකට ගියා ඒ ක්ෂේත්‍රය ගැන මුල අල්ල ගන්න (මුල් දැනුම ලබා ගන්න).
5. let one's hair down
කොණ්ඩෙ කඩලා (පහතට) දානවා කියලා කියවුණාට මේක කරන්න පුළුවන් දිග කොණ්ඩයක් තියන අයට විතරක් නෙමේ. මේ කියමන පාවිච්චි වෙනවා වැඩ කටයුතු නවතා විවේක ගැනීම හැඳින්වීමට.
I'd had a hard day and felt really relieved when I could finally let my hair down in the evening. අමාරු දවසක් ඉවර කරලා අන්තිමේදි හවස විවේක ගන්න පුඵවන් උනාම මට ලොකු සහනයක් දැනුනා.
***මේ වෙනුවට 'put one's feet up' යෙදුමත් මෙලෙසම භාවිතා වෙනවා.
...when I could finally put my feet up...
6. keep an eye on something/someone
හප්පේ, මේක නම් කොහොමද කරන්නේ? ඇහැක් ගලවලා තියන්න වෙයිද? මේ කියමන පාවිච්චි වෙන්නේ යමක්/යමෙක් ගැන හොඳ අවධානයෙන් සිටීම හැඳින්වීමටයි. මෙසේ කරන්නේ අදාළ දෙයට/කෙනාට අනතුරක් වීම වැළැක්වීමට හෝ එයින්/එම පුද්ගලයාගෙන් තමන්ට කරදරයක් වීම වළකා ගැනීමට විය හැකියි.
You have to keep an eye on the baby all the time. හැම වෙලාවෙම බබා ගැන විපරමෙන් ඉන්න ඕනැ (බබාට අනතුරක් නොවන ලෙස).
Can you keep an eye on my bag while I go and get something to drink. මම ගිහින් බොන්න මොනව හරි ගේනකම් මගෙ බෑග් එක බලා ගන්නවද (එය හොරු නොගන්නා ලෙස)?
We have to keep an eye on our expenses. අපි අපේ වියදම් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනැ (වියදම් පමණ ඉක්මවනවාද යන්න ගැන).
You must keep an eye on her friends. ඔයා එයාගෙ යාළුවො ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනැ (ඔවුන්ගෙන් අයහපතක් වෙනවාද යන්න දැන ගැනීමට).
7. have green fingers [BrE] / have a green thumb [AmE]
මේක නම් දවසක් මටත් වුණා, ගේට්ටුවට කොල පාට ගාන්න ගිහින්. ඒත් මේ යෙදුම් භාව්තා කරනවා යම් කෙනෙක් පැල කරන ඕනෑම දෙයක් හොඳින් වැඩෙන, පල දරන බව කීමට. (ඒත් බ්‍රිතාන්‍යයන්ට මෙතනදී ඇඟිලි ඔක්කොම කොල පාට වෙන්නේත්, ඇමරිකානුවන්ට මහපට ඇඟිල්ල පමණක් එසේ වෙන්නේත් ඇයි කියා මම නම් දන්නේ නැහැ.)
She has green fingers [BrE] / a green thumb [AmE]; anything she plants will grow. එයාට පැල හිටවන්න අත් ගුණයක් තියනවා; එයා හිටවන ඕනැ දෙයක් වැවෙනවා.
8. can do something standing on one's head
මේ කියන්නේ සර්කස් එකක් ගැන එහෙම නෙමෙයි; යම් දෙයක් ඉතා පහසුවෙන් කිරීමට හැකියාව ඇති බවයි.
My brother can assemble a computer standing on his head. මගෙ මල්ලිට/අයියාට කම්පියුටරයක් එකලස් කරන්ක පුළුවන් ඇස් වහගෙන.
***මේ වෙනුවට සිංහල යෙදුමට සමාන 'with one's eyes closed' යන්නද යෙදෙනවා.
My brother can assemble a computer with his eyes closed.
9. give someone the cold shoulder
මෙයත් වැස්සට අහු වුණ උරහිසක් ගැන නෙමේ. කෙනෙක්ව කොසලකා හැරීම මෙසේ දැක්වෙනවා.
For some reason he gave me the cold shoulder today. මොකක් හරි හේතුවක් නිසා එයා අද මාව වැඩිය ගණන් ගත්තෙ නැහැ.
10. be/stand head and shoulders above something/somebody
මෙහෙම කියන්න අඩි හයක් විතර උස කෙනෙක් වෙන්න ඕනැම නැහැ. මෙයින් අදහස් වෙන්නේ යමක්/යමෙක් වෙනත් දෙයකට/කෙනෙකුට වඩා ඉතා හොඳ හෝ දක්ෂ බවයි.
That girl is head and shoulders above the rest of her class. ඒ (ගෑණු) ළමයා ඉන්නේ එයාගෙ පංතියෙ අනිත් අයට වඩා සෑහෙන්න ඉදිරියෙන්.
His song stood head and shoulders above the other one. එයාගෙ සිංදුව අනිකට වඩා ගොඩක්ම හොඳයි.
11. lose heart
හදවත නැති වීමක් ගැන කිව්වත් මේ ලව් පලහිලව්වක් නෙමේ. මෙයින් දැක්වෙන්නේ අධෛර්යයට පත් වීමයි. මෙයි විරුද්ධාර්ථය වෙන ධෛර්යමත් වීමට 'take heart' යනුවෙන් කියවෙනවා.
You shouldn't lose heart when you sometimes fail. අපි කරන දේවල් සමහර වෙලාවට අසාර්ථක වෙනකොට අපි අධෛර්යය වෙන්න හොඳ නැහැ.
We all can take heart from what he has achieved in such a short time. අපි ඔක්කොටම පුළුවන් එයා මෙච්චර කෙටි කාලෙකින් කරල තියන දේවල් දිහා බලලා ධෛර්මත් වෙන්න.
12. make head or tail of something
ඔළුවයි වලිගෙයි සම්බන්ධ වුණාට මේ සතෙක් ගැන නෙමේ. යමක් ගැන සුළු හෝ අවබෝධයක් ලබා ගැනීම - අගක් මුලක් සොයා ගැනීම - මෙසේ දැක්වෙනවා. බොහෝ විට මෙය යමක් ගැන කිසිම අවබෝධයක් ලබා ගැනීමට නොහැකි බව කීමට 'cannot (can't) make head or/nor tail of something' ආකාරයෙන් හමු වෙනවා.
See whether you can make head or tail of this description. බලන්න ඔයාට මේ විස්තරයේ අගක් මුලක් තේරෙනවද කියලා.
I couldn't make head or/nor tail of her instructions. එයාගෙ උපදෙස් මට මෙලෝ හසරක් තේරුනේ නැහැ.
So can you make head or tail of this article? I sure hope so. Bye for now.
(Image credit: Foxtongue)
Labels:
English,
idiomatic expressions,
learn,
Sinhala,
Sri Lanka
Wednesday, June 8, 2011
Have You Ever Been Rejected? ප්‍රතික්ෂේප වීම් ගැන
පිළිගැනීම වගේම ප්‍රතික්ෂේප වීමත් ජීවිතයේ අංගයක් බව අපි දන්නවා. එය එසේ බාර ගැනීම නම් ටිකක් අපහසු බව වෙනම කාරනයක්. කොහොම නමුත් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් විධි ගොඩක් තිවෙනවනේ. ඉංග්‍රීසි භාෂාවේ මේ විවිධ ආකාර දක්වන පද කීපයක් තියෙනවා. කිට්ටුවෙන් යන අර්ථ තිබුනත් ඒ හැම එකක්ම එක වගේම නෙමෙයි පාවිච්චි වෙන්නේ.
1. reject
ඉතා බහුලව හමු වෙන මේ වචනය භාවිතා කෙරෙන්නේ ප්‍රදානය කරනු ලබන හෝ ඉදිරිපත් කරනු ලබන දෙයක්/කෙනෙක් නුසුදුසු ලෙස සලකා ප්‍රතික්ෂේප කෙරෙන විටයි (මෙය ප්‍රබල පිටු දැකීමක්).
The publisher rejected his book. ප්‍රකාශකයා එයාගෙ පොත ප්‍රතික්ෂේප කළා.
The report was rejected by the government. වාර්තාව රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
The customer rejected his offer.ගනුදෙනුකරුවා එයා ඉදිරිපත් කළ මිළ පිළිගත්තෙ නැහැ.
Their son has been rejected by all the schools they applied to. ඒ අය අයදුම් කළ ඉස්කෝල ඔක්කොම එයාලගෙ පුතාව බාර ගන්න බැහැ කියලා.
He offered to marry her, but she rejected him. ඔහු ඇයව බඳින්න කැමැත්ත ප්‍රකාශ කළා, ඒත් ඇය ඔහුට අකමැති වුණා.
Organ transplants are sometimes rejected by the body. බද්ධ කරන අවයව සමහර වෙලාවට ශරීරය විසින් ප්‍රතික්ෂේප කරනවා.
2. refuse
මේ වචනය පාවිච්චි වෙන්නේ ඉල්ලීමක්, ඉල්ලූ දෙයක්, ආරාධනයක් හෝ ප්‍රදානය කරනු ලබන දෙයක් තම අකමැත්ත හෝ වෙනත් යම් හේතුවක් නිසා ප්‍රතික්ෂේප කෙරෙන විටයි (මෙය බොහෝ විට 'reject' මෙන්ම ප්‍රබල පිටු දැකීමක් නොවෙයි).
My sister refused to come with me. මගෙ අක්තා/නංගි මාත් එක්ක එන්න බැහැ කිව්වා.
The minister refused to comment on the matter. ඇමතිතුමා කාරණය ගැන ප්‍රකාශයක් කරන්න ප්‍රතික්ෂේප කෙරුවා.
They politely refused our invitation. ඒ අය අපේ ආරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කළා.
He has refused every job offered to him. එයා එයාට ලබුන හැම රස්සාවක්ම ප්‍රතික්ෂේප කරලා.
He offered me a lift[BrE]/ride[AmE], but I refused. එයා මට එයාගෙ වාහනේ යන්න කතා කළා, ඒත් මම බැහැ කිව්වා.
The businessman flatly refused the newspaper's request for an interview. ව්‍යාපාරිකයා සම්මුඛ සාකච්ඡාවක් සඳහා පුවත්පතින් කළ ඉල්ලීම කෙළින්ම ප්‍රතික්ෂේප කළා.
Our request has been refused. අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා.
Permission has been refused. අවසර ලබා දීම ප්‍රතික්ෂේප වෙලා.
The embassy refused her a visa. තානාපති කාර්යාලය එයාට වීසා දීම ප්‍රතික්ෂේප කලා.
***මෙහි යෙදෙන 'refuse' ක්‍රියා පදය ශබ්ද කරන්නේ /rɪˈfjuːz/ ලෙසයි. ඒ ආකාරයෙන්ම ලියවෙන - එහෙත් /ˈrefjuːs/ˈ ලෙස ශබ්ද වෙන - නාම පදයක් විධිමත් (formal) ව්‍යවහාරයේ තිබෙනවා 'කසළ' යන අර්ථය ඇති. (උච්චාරණ රටා සබඳා ඇකි වෙබ් පිටුවට ගොස් අදාළ උච්චාරණයට සවන් දිය හැකියි.)
3. decline
ආචාරශීලීව ආරාධනයක් හෝ ප්‍රදානය කරනු ලබන දෙයක් ප්‍රතික්ෂේප කිරීම දැක්වීමට මෙම පදය ගැනෙනවා (මෙහි බොහෝ විට 'refuse'ට වඩා ආචාරශීලීබවක් ගැබ්වී තියෙනවා) .
The minister declined (refused) to comment on the matter. (ඉහත 2 ලෙස)
They politely declined (refused) our invitation. (ඉහත 2 ලෙස)
He has declined (refused) every job offered to him. (ඉහත 2 ලෙස)
He offered me a lift[BrE]/ride[AmE], but I declined (refused). (ඉහත 2 ලෙස)
***මෙම 'decline' පදයේ වෙනත් අර්ථත් තියෙනවා. එය 'අඩු වෙනවා/අඩු වීම' හා 'බෑවුම් වෙනවා/බෑවුම' යන අර්ථ ඇතිව ක්‍රියා පදයක් මෙන්ම නාම පදයක් ලෙසත් භාවිතා වෙනවා. ඒ අර්ථ මෙතනට නම් අදාළ නැහැ.
4. deny
යමක් අසත්‍යයයි කියා ප්‍රතික්ෂේප කිරීමකදී මෙය යොදා ගැනෙනවා. එසේම ඉල්ලීමක් හෝ ඉල්ලූ දෙයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමක් සඳහා විධිමත් (formal) ව්‍යවහාරයේ යෙදෙනවා.
The man denied any involvement in the robbery. / The man denied that he had been involved in the robbery in any manner. මිනිහා තමා හොරකමට කිසි සම්බන්ධයක් නැහැයි කිව්වා.
Nobody can deny these facts. කාටවත් බැහැ මේ කරුණු බොරුයි කියන්න.
The government denied the report. රජය වාර්තාව අසත්‍යයයි කිවුවා.
The accused denied murdering his wife. / The accused denied that he had murdered his wife. චූදිතයා තම බිරිඳව මැරුවේ නැහැයි කිව්වා.
She denied knowledge of the incident. එයා සිද්ධිය ගැන දන්නේ නැහැයි කිව්වා (ඒ ගැන ඇයට දැනුමක් නැහැයි කිවිවා).
Our request has been denied (refused). (ඉහත 2 ලෙස)
Permission has been denied (refused). (ඉහත 2 ලෙස)
The embassy denied (refused) her a visa. (ඉහත 2 ලෙස)
5. turn down
මෙම යෙදුම පාවිච්චි වෙන්නේ ප්‍රදානය කරනු ලබන හෝ ඉදිරිපත් කරනු ලබන දෙයක්/කෙනෙක් - එසේ නැති නම් ආරාධනයක් - ප්‍රතික්ෂේප කෙරෙන අවස්ථාවලයි (මෙය 'reject' වෙනුවට යෙදෙන විට ඒ මගින් ප්‍රකාශයේ සැර තරමක් බාල කෙරෙනවා).
The publisher turned down (rejected) his book. (ඉහත 1 ලෙස)
The customer turned down (rejected) his offer. (ඉහත 1 ලෙස)
Their son has been turned down (rejected) by all the schools they applied to. (ඉහත 1 ලෙස)
He offered to marry her, but she turned him down (rejected). (ඉහත 1 ලෙස)
They politely turned down (refused/declined) our invitation. (ඉහත 2 ලෙස)
He has tuned down (refused/declined) every job offered to him. (ඉහත 2 ලෙස)
So I hope you haven't simply rejected/turned down this post; or even politely refused/declined to read it. Anyway you don't have to deny it if you really did so. Bye for now.
(Image credit: Seabamirum)
Labels:
English,
learn,
similarities and differences,
Sinhala,
Sri Lanka
Sunday, June 5, 2011
That Made Me See Red - වමේ පක්ෂ ගැනද?
ඉංග්‍රීසියේ තියනවා විවිධ පාට ආශ්‍රයෙන් හැදුන සාම්ප්‍රදායික යෙදුම් (idioms) ගණනාවක්. ඒවා වැඩිපුරම හමු වෙන්නේ තරමක් අවිධිමත් (informal) භාවිතවල. මේවායින් සමහරක තේරුම යම් තරමකින් හෝ අනුමාන කළ හැකි වුණත් තවත් සමහරක් නම් එහෙමත් කරන්න අමාරුයි. රතු වර්ණය සම්බන්ධ වෙන එවැනි අවස්ථා කීපයක් ගැන අපි මේ ලිපියෙන් අවධානය යොමු කරමු.
රතු පාටින් වාමාංශික දේශපාලන පක්ෂ හා මතවාද නියෝජනය වෙන බව අපි කව්රුත් දන්නවනේ. ඒ නිසා ඊට පරිබාහිර යෙදුම් සලකා බලමු.
1. see red
මෙහි "see red" යන්නෙන් අදහස් කෙරෙන්නේ "තදින් තරහ යනවා" යන්නයි.
That made me see red. ඒක මාව හොඳටම තරහ ගැස්සුවා. / ඒකෙන් මට යකා නැග්ගා.
2. like a red rag to a bull
මෙයින් අදහස් වෙන්නේ "යමෙක්ව තදින් තරහ ගස්සන කාරනයක්" යන්නයි.
Don't talk about the boss when Kamal is there; it'll be like a red rag to a bull. නිමල් ඉන්න තැන ලොක්කා ගැන කතා කරන්න එපා; එයාට යකා නගීවි.
***මෙය ඇමරිකානු ව්‍යවහාරයේ සාමාන්‍යයෙන් යෙදෙන්නේ "like waving a red flag in front of a bull" යනුවෙනුයි.
3. in the red
බැංකු ගිනුමක්, ව්‍යාපාරයක් වැන්නක් ණය වී ඇති බව දැක්වීමට මෙසේ කියනවා.
My bank account is Rs. 50,000 in the red. මගේ බැංකු ගිනුම රු. 50,000ක් ණය වෙලා (ඒ කියන්නෙ overdraft එකක්).
***ගිණුමක් වැන්නක් ණය නොවී හොඳ තත්වයක පවතින බව දැක්වීමට "in the black" යොදා ගැනෙනවා.
4. red carpet
යමෙක්ව ඉතා ඉහළින් පිළිගැනීම දැක්වීමට මෙම යෙදුම උපයෝගි කර ගැනෙනවා.
They brought out the red carpet for him. / They gave him the red carpet treatment. ඒ අය එයාව ගොඩක් ඉහළින් (ගරු සරු ඇතුව) පිළිගත්තා.
5. catch (someone) red-handed
වැරැද්දක් කරමින් සිටිද්දී යමෙක්ව අල්ලා ගැනීම දැක්වීමට මෙය යොදා ගැනෙනවා.
That guy had been stealing money from the office for some time when he was caught red-handed by his boss one day. එක දවසක් එයාගෙ ලොක්කාට අතටම අහුවෙනකොට මිනිහා (ඒ වෙන තෙක්) සෑහෙන කාලයක් තිස්සෙ ඔෆිස් එකෙන් සල්ලි හොරකම් කරලා තිබුනා.
6. red alert
ලොකු අවදානමක් පිළිබඳ අනතුරු හැඳවීමක් හෝ සූදානමින් සිටීමක් සඳහා යෙදෙනවා.
The government has issued a red alert about the spread of dengue in certain areas. සමහර පළාත්වල ඩෙංගු (ඩෙංගි) උණ පැතිරීම ගැන ආණ්ඩුවෙන් ප්‍රබල අනතුරු හැඳවීමක් කරලා තියනවා.
The police have been put on red alert due to a bomb threat. බෝම්බ පිපිරීමේ අවදානමක් නිසා පොලීසිය දැඩි සූදානමකින් තියලා තියනවා.
7. red herring
අවධානය අදාළ මාතෘකාවෙන් වෙන අතකට යොමු කරන දෙයක් මෙසේ හැඳින්වෙනවා.
When we were about to reach a final conclusion, he threw a red herring into the discussion. අපි අවසාන නිගමනයකට එන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි එයා සාකච්ඡාවට අදාළ නැති කතාවක් පටන් ගත්තා.
8. red-letter day
ඉතා වැදගත දිනයක් හැඳින්වීමට මෙම යෙදුම ප්‍රයෝජනයට ගැනෙනවා.
Today is a red-letter day for our school as our team has won the national championship. අපේ කණ්ඩායම ජාතික ශූරතාවය දිනලා තියන නිසා අද අපේ පාසැලට රන් අකුරෙන් ලියවෙන දවසක්.
9. red in the face / red as a beetroot [BrE] / red as a beet [AmE]
මුහුණ රතු වීම / බීට්රූට් අලයක් මෙන් රතු වීම ගැන කතා කරන මෙම යෙදුම් මගින් යමෙක් තදින් කෝපයට හෝ ලැජ්ජාවට පත්වීම ප්‍රකාශ කෙරෙනවා.
When she saw what had happened, she went red in the face / went red as a beetroot [BrE] / went red as a beet [AmE].
වෙලා තිබුන දේ දැකලා එයාගේ මූණ ලැජ්ජාවෙන්/තරහින් රතු උනා.
10. red-hot
අධිතප්ත තත්වයක් සාමාන්‍යයෙන් දක්වන මෙම යෙදුම, ඇතැම් ඉතා ප්‍රබල හැඟීම් මෙන්ම ඉතා උණුසුම් හෝ ජනප්‍රිය මාතෘකාවන් සම්බන්ධයෙනුත් ගැනෙනවා.
His red-hot anger was visible. එයාගෙ අධික තරහා පේන්නම තිබුනා.
That proposal was a red-hot issue in the past few weeks. ඒ යෝජනාව පහුගිය සති කීපයේ ඉතා උණුසුම් මාතෘකාවක් උනා.
She is a red-hot favourite[BrE]/favorite[AmE] in the contest. එයා තරඟෙ දිනයි කියලා ගොඩක්ම අය හිතන කෙනෙක්.
11. red-eye
ඡායාරූපවල ඉන්නා අයගේ ඇස් "ෆ්ලෑෂ්" එළිය නිසා ඇතැම් විට රතු වී පෙනීම බොහෝ විට දක්වන මෙම යෙදුම රාත්‍රි කාලයේ ගුවන් ගමනක් හැඳින්වීමටත් - විශේෂයෙන් ඇමරිකානු ව්‍යවහාරයේ - යොදා ගැනෙනවා.
This will reduce the red-eye effect in the picture. මෙයින් පිංතූරයෙ ඉන්න අයගෙ ඇස් රතු වෙලා පෙනීම අඩු කෙරෙනවා.
They took the red-eye to New York. ඒ අය රෑ ගුවන් ගමනකින් නිව් යෝක්වලට ගියා
12. red tape
වැඩ කටයුතු ප්‍රමාද කරන අනවශ්‍ය නීති රීති, රෙගුලාසි ආදිය මෙසේ හැඳින්වෙනවා.
We had to deal with a lot of red tape when registering the new car. අළුත් කාරෙක ලියා පදිංචි කරද්දි අපට ගොඩක් තේරුමක් නැති රෙගුලාසිවලට මූණ දෙන්න උනා.
13. red light
මෙය සාමාන්‍යයෙන් වාහන නැවතුම් සංඥා එළි දැක්වීමට යොදා ගැනෙන නමුත්, "red-light district" ලෙස හැඳින්නේ නම් නගරයක ගණිකාවන් ගැවසෙන ප්‍රදේශයයි.
The bus stopped at a red light. බස් එක රතු මාර්ග සංඥා එළියක් ළඟ නැවැත්තුවා.
You'd better avoid the red-light district. ගණිකාවන් ඉන්න පැත්ත මග අරිනවා නම් හොඳයි.
14. red cent
මෙම යෙදුම ඇමරිකානු භාවිතයේ නිෂේධාර්ථයෙන් (නැත යන අර්ථයෙන්) යෙදෙනවා කිසිම මුදලක් නොලැබුන බව දැක්වීමට.
I didn't get a red cent from them. ඒ ගොල්ලන්ගෙන් මට සතයක්වත් හම්බ උනේ නැහැ.
කොල පාට ගැන යෙදුම් කීපයක් ගැන "Is it time to go green?" ලිපිය කියවන්න.
(Image credit: paparutzi)
Labels:
English,
idiomatic expressions,
learn,
Sinhala,
Sri Lanka
Monday, May 30, 2011
Are You Grateful or Thankful for Something? දෙකම එකද?
දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නකොට බැලූ බැල්මට අපට ඒත්තු නොයන වෙනස්කම් ඇතැම් විට භාවිතයේ හමු වෙනවා . බොහෝ විට එහෙම වෙන්නේ අපේ භාෂාවෙයි අනිත් භාෂාවෙයි යම් යම් දේ දිහා බලන ආකාරවල තියෙන විෂමත්වය නිසා. ඒ තැන්වලදී වැරදි අවබෝධ ඇති වෙන්න තියන ඉඩ තරමක් වැඩියි. මෙවැනි අවස්ථා කීපයක් සලකලා බලමු.
1. I'm thankful to you for your support.
වචනවල අර්ථය අනුව මෙහි “ඔයාගෙ/ඔබගේ සහයෝගයට මම ස්තූතිවන්ත වෙනවා” යන අර්ථය ඇතත්, වෙනත් කෙනෙතු වෙත කෘතඥ භාවය දැක්වීම සඳහා වත්මන් ඉංග්‍රීසියේ බොහෝ විට යොදා ගැනෙන්නේ “grateful” යන්නයි. යමක් සිදු වීම - හෝ සිදු නොවීම - ගැන තමන්ට දැනෙන සහනය සහිත සතුට දැක්වීමට වත්මන් ඉංග්‍රීසියේ “thankful” යන්න වඩා බහුලව භාවිතා වෙනවා.
I'm grateful to you for your support. ඔයාගෙ/ඔබගේ සහයෝගයට මම ස්තූතිවන්ත වෙනවා
The child smiled at his mother gratefully. ළමයා එයාගෙ අම්මා එක්ක ස්තුතිපූර්වකව හිනා උනා.
We were thankful that it didn't rain any more / anymore(විශේෂයෙන් AmE). වැස්ස නැවතිලා තිබුන එක ගැන අපි සතුටු උනා (අපට සහනය මුසු සතුටක් දැනුනා.)
She was thankful to see that all her family were there. එයාගෙ පවුලෙ අය ඔක්කොම ඇවිල්ලා ඉන්නවා දැකලා එයාට (සහනය මුසු) සතුටක් දැනුනා. (එනම් ඒ සියළු දෙනා එතන ඉඳීවි යැයි ඇයට ඒ වෙන තෙක් ස්ථිරත්වයක් තිබුනේ නැහැ.)
2. We studied grammar during four months.
මෙයත් ගැලපෙන්නෙ නැහැ. ඉංග්‍රීසියේ “during” පදය “කිසියම් කාල පරාසයක් තුළ එක්තරා අවස්ථාවකදී හෝ අවස්ථාවලදී (මෙම අර්ථයේදී බොහෝ විට මේ වෙනුවට ‘in’ වැනි වචනයක්ද යෙදිය හැකි වෙනවා)” මෙන්ම “කිසියම් කාල පරාසයක් පුරාම” යන අර්ථ සහිතව යෙදෙනවා. නමුත් එසේ නැතිව යම් කාර්යයක් සඳහා ගත වූ කාලය දැක්වීමේදී ගැනෙන්නේ “for” පදයයි.
She was taken to the doctor during/in the night. එයාව රෑ (රාත්‍රියේ යම් වෙලාවක) දොස්තර මහත්තයා/නෝනා ගාවට ගෙනිච්චා.
They called me several times during/in the morning. ඒ අය උදේ කාලෙ කීප වතාවක් මට කෝල් කළා.
It rained during the whole month.මුළු මාසෙම වැස්සා.
We studied grammar for four months. අපි මාස හතරක් ව්‍යාකරණ අධ්‍යයනය කළා.
It rained for about an hour during/in the night. රෑ කාලෙ පැයක් විතර වැස්සා.
They were in India for two weeks. During these two weeks they travelled[BrE]/traveled[AmE] a lot. ඒ අය සති දෙකක් ඉන්දියාවෙ හිටියා. ඒ සති දෙකේ ඒ ගොල්ලො ගොඩක් සංචාරය කළා.
කාල පරාසයක් වෙනුවට කිසියම් සිදුවීමක්, ක්‍රියාවක්, අත්දැකීමක් වැන්නක් අතරතුරදී යන අදහස දීමට යෙදෙන්නේ “during” යන්නයි.
You shouldn’t talk during the show. සංදර්ශනය අතරතුරේ කතා කරන්න හොඳ නැහැ.
During my stay in Europe, I visited some famous places. මම යුරෝපයෙ හිටිය කාලෙ සමහර ප්‍රසිද්ධ තැන් බලන්න ගියා.
3. I’ll see you two hours later.
“දැන් සිට යම් කාලයකට පසුව” අදහස ඇතිව සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ “in” පදයයි. “වෙන යම් අවස්ථාවක සිට යම් කාලයකට පසුව” යන්න දැක්වීමට “later” යන්න යෙදෙනවා.
I’ll see you in two hours. මම පැය දෙකකින් ඔයාව හම්බ වෙන්නම්.
I arrived here at 8 o’clock. The others came two hours later. මම මෙතනට ආවෙ අටට. අනිත් අය ආවෙ ඊට පැය දෙකකට පස්සෙ.
කාල පරාසයක් නොදක්වා “පසුව” යන්න පමණක් කීමේදී නම් වර්තමානය සම්බන්ධවත් “later” යන්න යෙදෙනවා.
Let’s read it later. අපි ඒක පස්සෙ කියවමු.
I’ll see you later. මම ඔයාව පස්සෙ හම්බ වෙන්නම්.
4. A computer
is in the room.
කලින් සඳහන් නොවූ හෝ නොදන්නා කෙනෙක්/දෙයක් පිළිබඳව “ඉන්නවා/තියෙනවා/පවතිනවා” වැනි අර්ථ සාමාන්‍යයෙන් දැක්වෙන්නේ “There is/are…” රටාවටයි. එවැනි අර්ථ ඇතිව ඉහත රටාව යෙදෙන්නේ කලින් සඳහන් වූ හෝ දන්නා දෙයක් සම්බන්ධවයි.
There is a computer in the room. කාමරේ කම්පියුටර් එකක් තියනවා.
The computer is in the room. කම්පියුටර් එක තියෙන්නේ කාමරේ. / කම්පියුටර් එක කාමරේ තියනවා.
කලින් සඳහන් නොවූ හෝ නොදන්නා කෙනෙක්/දෙයක් පිළිබඳව “ඉන්නවා/තියෙනවා/පවතිනවා” වැනි අර්ථ සාමාන්‍යයෙන් දැක්වෙන්නේ “There is/are…” රටාවටයි. එවැනි අර්ථ ඇතිව ඉහත රටාව යෙදෙන්නේ කලින් සඳහන් වූ හෝ දන්නා දෙයක් සම්බන්ධවයි.
There is a computer in the room. කාමරේ කම්පියුටර් එකක් තියනවා.
The computer is in the room. කම්පියුටර් එක තියෙන්නේ කාමරේ. / කම්පියුටර් එක කාමරේ තියනවා.
5. Who has
come? - He’s Nimal.
කොයි කෙනාදැයි දැක්වීමේදී යෙදෙන්නේ “It
is” යන්නයි.
Who has come? – It’s Nimal. කව්ද ඇවිල්ලා ඉන්නෙ? - නිමල්.
Who broke this glass? – It was Vimal. කව්ද
මේ වීදුරුව බින්දේ? - විමල් (තමයි).
May I know who’s (who is) calling? – It’s Kamal. කව්ද
කතා කරන්නෙ කියලා දැන ගන්න පුලුවන්ද?
- මේ කමල්. (දුරකථන
ඇමතුමකදී)
එක් කෙනෙකුට වැඩි දෙනෙක් සම්බන්ධයෙනුත් මෙසේ “It is” යොදා ගත හැකියි.
It’s my friends from school. ඒ/මේ (ඉන්නේ) මගේ ඉස්කෝලේ යාළුවෝ.
6. Is it a too
heavy bag for her?
“පමණට වඩා...” යන අර්ථය දීම
සඳහා ගැනෙන්නේ පහත ආකාරයේ රටායි.
Is it too heavy a bag for her (to carry)? ඒක එයාට (ගෙනියන්න) බර වැඩි බෑග් එකක්ද?
Is that bag too heavy (for her) to carry? ඒ බෑග් එක (එයාට) ගෙනියන්න බර වැඩියිද?
නමුත් “ඇති තරම්....” අර්ථය ඇතිව යෙදෙන රටා තරමක් වෙනස්.
Is it a big
enough bag for you? ඒක ඔයාට ලොකු ඇති (ප්‍රමාණවත් තරම් විශාල) බෑග් එකක්ද?
Is that bag big
enough to hold all your books? ඒ බෑග් ඒක ඔයාගේ පොත් ඔක්කොම දාන්න ලොකු ඇතිද?
7. It’s specially important for students.
මෙම specially
පදය යෙදෙන්නේ “යමක්
සඳහාම” යන අර්ථය ඇති තැන්වලයි. “ප්‍රධාන
වශයෙන් / අනෙක්වාට වැඩියෙන්” යන අර්ථයෙන් ගැනෙන්නේ especially යන්නයි.
It’s especially important for students.
ඒක වඩාත් වැදගත් ශිෂ්‍යයන්ට.
It’s very useful, especially for families with young children. ඒක හරි ප්‍රයෝජනවත්,
වැඩියෙන්ම පොඩි ළමයි ඉන්න පවුල්වලට.
This cake has been specially prepared for this occasion. මේ කේක් මේ අවස්ථාව වෙනුවෙන්ම හදපුවා.
8. He told that.
හුදෙක් “උච්චාරණය කරනවා” හෝ “ප්‍රකාශ කරනවා”
වැනි අර්ථවලින් සාමාන්‍යයෙන්
යොදා ගන්නේ say පදයයි. නමුත් කියන්නේ කාටද යන්න සඳහන් “දැනුම් දෙනවා”
හෝ “උපදෙසක් දෙනවා”
වැනි අර්ථවලින් බොහෝ විට tell භාවිතා වෙනවා.
He
said that. ඒක කිව්වේ එයා.
He
told me that. / He told that to me. ඒක මට කිව්වේ එයා.
Can you say it again? (ඔයාට)
ඒක ආයේ කියන්න පුළුවන්ද?
Can you tell it to us again? (ඔයාට) ඒක ආයේ අපට කියන්න
පුළුවන්ද?
She said the sentence aloud. එයා වාක්‍යය ශබ්ද නගා (ඇහෙන්න) කිව්වා.
She told us the meaning of the sentence.
එයා අපට වාක්‍යයේ තේරුම් කිව්වා.
කෙසේ වෙතත් truth, lie, story/tale, joke,
secret ආදී පද සමග නම් කියන්නේ කාටද යන්න සඳහන් නැතත් යෙදෙන්නේ tell පදයයි. එසේම අනෙකුන් නොදන්නා දෙයක් අනාවරණය කිරීම සම්බන්ධව tell පදය තනිවත් යොදා
ගැනෙනවා.
He
told the truth. එයා කිව්වේ ඇත්ත.
She is
going to tell a story. එයා කතන්දරයක් කියන්න යන්නේ.
I know
everything, but don’t worry – I won’t tell. මම ඔක්කොම දන්නවා. ඒත් බය
වෙන්න (හිත
කරදර කර ගන්න) එපා - මම (කාටවත්) කියන්නේ නැහැ.
එසේම “වෙනසක් හඳුනා ගන්නවා” යන අර්ථය ඇතිව tell යොදා ගැනෙනවා.
Can you tell the difference? ඔයාට වෙනස කියන්න (හඳුනා
ගන්න)
පුළුවන්ද?
Can you tell which one of them is older? ඒ
අයගෙන් කොයි එක් කෙනාද වයසින් වැඩි කියල කියන්න (හඳුනා ගන්න) ඔයාට පුළුවන්ද?
It was impossible to tell her age.
එයාගේ වයස කියන්න (හඳුනා ගන්න) පුළුවන්කමක් තිබුනේ නැහැ.
කියන්නේ කාටද
යන්න say සමග කීමට නම් ඒ සඳහා to යෙදීම අත්‍යවශ්‍යයි.
“Come
here,” he said to us. “මෙහෙ එන්න” කියල එයා අපට කිව්වා.
They
said goodbye to us. එයා අපට යනවයි කියල ආයුබෝවන් කිව්වා.
(Image credit:vastateparksstaff)
Labels:
English,
learn,
similarities and differences,
Sinhala,
Sri Lanka
Subscribe to:
Posts (Atom)




