අපේ
කාලෙ ඉංග්‍රීසි
මම ඉස්කෝලෙ ගියේ 1970 ගණන්වල. ඒ කාලෙ අපේ අයට
රැජිනගේ භාෂාව අරහං. ඒකෙ තියෙන ප්‍රයෝජනය
හා වැදගත්කම ගැන අපට අවබෝධයක් තිබුණේ නැහැ. ඔය කාලෙ දේශීයත්වය පිළිබඳ හැඟීම (nationalistic sentiment) ඕනැවටත් වැඩිය
ඉස්මතු වෙලා බටහිර සියල්ල ප්‍රතික්ෂේප කරණ ප්‍රවණතාවක් අපේ රටේ තිබුණේ. දේශපාලනික
මතිමතාන්තර අතරත් සමාජවාදය (socialism),
කොමියුනිස්ට්වාදය
(communism) ආදිය ජනප්‍රිය වී
තිබුණා වගේම ඒ හා එකඟ නොවන මතවාද සමග තිබූ සමීපත්වයත් ඉංග්‍රීසිය පස්සට තල්ලු වීමට
හේතු වෙන්න ඇති. තවත් සාධකයක් තමයි අපට තිබුණ පෙළ පොත් (text books) මාලාව. අද පාසැල්වල භාවිත
වෙන පොත් ලමයින්ගේ උනන්දුව යම් තරමකින් අවධි කරන්න සමත් වුණාට එදා තිබුණ ඒවා නම් හරිම නීරසයි.
කාලීන මාතෘකා ගැන ඒවයේ
තිබුණේ
අඩු අවධානයක්. සමහර විට ඩබ්ලිව්. ඒ. සමරනායක මහත්මයාගේ English with a Smile වගේ පොත් මාලාවක් ඒ
වෙනුවට තිබුණ නම් ඒ කාලෙ ලමයින්ට ඊට වඩා සමීප වෙන්න ඉඩ තිබුණයි කියලා මට හිතෙනවා.
1980 ගණන්වල මේ තත්වය යම් තරමකින් වෙනස් වුණා. ලෝකය පුරා පැතිරුණ ජාත්‍යන්තර මාධ්‍යයක අගය අපට දැනෙන්නට ගත්තා. හැබැයි පාසැල් අධ්‍යාපනයේ තත්වය නම් වෙනස් වෙන්න කල් ගියා. අනිත් අතට අද වගේ ඉංග්‍රීසි ජනමාධ්‍ය සමූහයක් එදා තිබුණෙ නැහැ. ඒ නිසා උච්චාරණය (pronunciation) හා සාමාන්‍ය භාෂා භාවිතය (general language usage) පිළිබඳ පිලිගත් සම්ප්‍රදායන් ඉගෙනීමට අපට ලැබුණේ අඩු අවකාශයක්. අළුතෙන් පටන් ගත් රූපවාහිණී විකාශය හැරුණු කොට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවාවන්වල පිහිට තමයි ලැබුණේ. අරුන් ඩයස් බණ්ඩාරනායක, රවී ජෝන් වැනි නිවේදකයන්ගෙන් අපි බොහෝ දේ ඉගෙන ගත්තා මතකයි, ඔවුන් කියූ සියල්ල අපට නොතේරුණත්. BBC Radio විකාශයට කෙටි තරංග (short wave) ඔස්සේ සවන් දීමට හැකි වුණත් එහි ග්‍රහණයේ (reception) දුර්වලත්වයත්, සුද්දාගේ කතා විලාශය (accent) තවත් නුහුරු වීමත් නිසා එය අවබෝධ කර ගැනීම වඩාත් අපහසු ලෙස පෙනුණා.
ඉංග්‍රීසි පුවත්පත් තිබුණත් ඒවා කියවා තේරුම් ගැනීම ඉතා අපහසු වුණා. පෞද්ගලිකව මට නම් දක්ෂ ඉංග්‍රීසි ගුරුතුමෙකු වූ මගේ පියාගේ සහාය ලැබුණා. ඒත් ඔහු නිර්දේශ කළ Sunday Island පුවත්පතේ ලිපි තේරුම් ගැනීම ඒ වෙන තෙක් ඉංග්‍රීසිය ගැන එතරම් උනන්දුවක් නොදැක්වූ මට එතරම් පහසු කාරියක් වුණේ නැහැ.
කලින් සඳහන් කළා වගේ මගේ පියාගෙන් ලැබුණ පිටුබලය මට ඉතා වැදගත් වුණා. එවැනි සහයක් නොලැබූ බොහෝ දෙනාගේ තත්වය මීට වෙනස් වුණා. ඔවුන්ට තිබුණ එකම මාර්ගය ලෙස ඔවුන්ට පෙනුණේ ඒ වන විට රට පුරා ආරම්භ වෙමින් තිබුණ උපකාරක පංති තමයි. නම්ත් මේවායින් බහුතරයක් නිසි පදනමකින් තොරව පැවැත්වුණ නිසා ලැබුණ ප්‍රතිඵල නම් ඉතා අඩුයි.
ඉහත කාල වකවානුවලින් හා ප්‍රවණතාවන්ගෙන් ලැබුණ ප්‍රතිවිපාක අපි අද ජාතියක් වශයෙන් අත් විඳිනවා. එක කාලෙක ලංකාවේ ඉංග්‍රීසි උගතුන්ගේ භාෂා හැකියාව (language skill) ඉංග්‍රීසි මව් බස වූ අයටත් ඉහල ලෙස සැලකුණ බව කියවෙනවා. මේකට කිව්වේ speak English better than the Englishmen කියලලු. ඒත් දැන් ඊට ගොඩක් වෙනස්. ගමේ තබා නගරයේත් ඉංග්‍රීසිය හොඳින් හසුරවන්න හැකි අය අඩුයි. ඉංග්‍රීසි ආරයට - ඒ කියන්නේ මවාගත් English accent එකකින් - සිංහල කතා කිරීම හෝ ඉංග්‍රීසි කොහෙත්ම බැරි අය ඉදිරියේ නයා දැමීමට කැඩිච්ච කඩ්ඩෙන් කතාව දැමීම ඉංග්‍රීසි උගත්කම ලෙස සලකන්න නම් බැහැ. (මේකෙන් මම අදහස් කරන්නෙ නැහැ නිවැරදිම බැරි නම් කතා නොකළ යුතුයි කියලා. ඒත් ප්‍රයෝජනවත් ලෙස භාෂාව හැසිරවීමේ හැකියාවක් ලබාගැනීම වැදගත්.)
අපේ අසල් වැසි ඉන්දියාවේ තත්වය මීට වෙනස්. ඔවුන් ඉංග්‍රීසිය අපි වගේ නොසලකා හැරියෙ නැහැ. (රට තුළ භාවිතා වෙන දේශීය භාෂා ගණන වැඩි නිසා සම්බන්ධීකරණ බසක් ලෙස ඉංග්‍රීසි යොදා ගැනීමට ඔවුන්ට සිදු වුණා කිව්වත් මම හිතන්නෙ නිවැරදියි.) එදා ඉන්දියානුවන්ගේ ඉංග්‍රීසි හැකියාව තිබුණේ අපේ රටට ගොඩක් පහලින්. ඔවුන්ගේ R අකුර තදින් උච්චාරණය වුණ කතා විලාශය අපේ අයගෙ සමච්චලයටත් ලක් වුණා. නමුත් අද ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවකට ඉංග්‍රීසියෙන් තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමේ හැකියාව ලැබී තියෙනවා. ඉන්දියානු රූපවාහිණී වැඩ සටහන් ඉඳ හිට නරඹන මම දැක තිබෙනවා ඔවුන්ගේ නිවේදකයන්, නළු නිළියන් සියල්ලන්ම පාහේ තම බසට ආසන්න වූ හැකියාවකින් ඉංග්‍රීසි හසුරවන විලාශය. මේ හැකියාව සාමාන්‍ය ජනතාවගෙන් සෑහෙන කොටසකටත් අඩු වැඩි වශයෙන් තියෙනවා. විශේෂයෙන්ම උගත් ඉන්දියානුවන් තොරතුරු තාක්ෂණයද උපකාර කරගෙන එමඟින් විශාල වාසි ලබනවා.
අපේ වරදින්ම අපෙන් ගිලිහී ගිය හැකියාවක් නැවත ලබා ගැනීමේ අවශ්‍යතාවය අද වඩාත් අපට දැනෙනවා. ඒ වගේම නිවැරදි දැක්මක් තුළින් ඒ සඳහා අවතීර්ණ වීම වැදගත් වෙනවා.

සබැඳි ලිපි: