Monday, May 30, 2011

Are You Grateful or Thankful for Something? දෙකම එකද?





දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නකොට බැලූ බැල්මට අපට ඒත්තු නොයන වෙනස්කම් ඇතැම් විට භාවිතයේ හමු වෙනවා . බොහෝ විට එහෙම වෙන්නේ අපේ භාෂාවෙයි අනිත් භාෂාවෙයි යම් යම් දේ දිහා බලන ආකාරවල තියෙන විෂමත්වය නිසා.‍ ඒ තැන්වලදී වැරදි අවබෝධ ඇති වෙන්න තියන ඉඩ තරමක් වැඩියි. මෙවැනි අවස්ථා කීපයක් සලකලා බලමු.

1. I'm thankful to you for your support.

වචනවල අර්ථය අනුව මෙහි ඔයාගෙ/ඔබගේ සහයෝගයට මම ස්තූතිවන්ත වෙනවා යන අර්ථය ඇතත්, වෙනත් කෙනෙතු වෙත කෘතඥ භාවය දැක්වීම සඳහා වත්මන් ඉංග්‍රීසියේ බොහෝ විට යොදා ගැනෙන්නේ grateful” යන්නයි. යමක් සිදු වීම - හෝ සිදු නොවීම - ගැන තමන්ට දැනෙන සහනය සහිත සතුට දැක්වීමට වත්මන් ඉංග්‍රීසියේ thankful” යන්න වඩා බහුලව භාවිතා වෙනවා.

I'm grateful to you for your support.
ඔයාගෙ/ඔබගේ සහයෝගයට මම ස්තූතිවන්ත වෙනවා

The child smiled at his mother gratefully.
ළමයා එයාගෙ අම්මා එක්ක ස්තුතිපූර්වකව හිනා උනා.

We were thankful that it didn't rain any more / anymore(
විශේෂයෙන් AmE). වැස්ස නැවතිලා තිබුන එක ගැන අපි සතුටු උනා (අපට සහනය මුසු සතුටක් දැනුනා.)
 
She was thankful to see that all her family were there.
එයාගෙ පවුලෙ අය ඔක්කොම ඇවිල්ලා ඉන්නවා දැකලා එයාට (සහනය මුසු) සතුටක් දැනුනා. (එනම් ඒ සියළු දෙනා එතන ඉඳීවි යැයි ඇයට ඒ වෙන තෙක් ස්ථිරත්වයක් තිබුනේ නැහැ.)

2. We studied grammar during four months.

මෙයත් ගැලපෙන්නෙ නැහැ. ඉංග්‍රීසියේ during” පදය කිසියම් කාල පරාසයක් තුළ එක්තරා අවස්ථාවකදී හෝ අවස්ථාවලදී (මෙම අර්ථයේදී බොහෝ විට මේ වෙනුවට ‘in’ වැනි වචනයක්ද යෙදිය හැකි වෙනවා) මෙන්ම කිසියම් කාල පරාසයක් පුරාම යන අර්ථ සහිතව යෙදෙනවා. නමුත් එසේ නැතිව යම් කාර්යයක් සඳහා ගත වූ කාලය දැක්වීමේදී ගැනෙන්නේ for” පදයයි.

She was taken to the doctor during
/in the night. එයාව රෑ (රාත්‍රියේ යම් වෙලාවක) දොස්තර මහත්තයා/නෝනා ගාවට ගෙනිච්චා.

They called me several times during
/in the morning. ඒ අය උදේ කාලෙ කීප වතාවක් මට කෝල් කළා.

It rained during the whole month.
මුළු මාසෙම වැස්සා.

We studied grammar for four months.
අපි මාස හතරක් ව්‍යාකරණ අධ්‍යයනය කළා.

It rained for about an hour during
/in the night. රෑ කාලෙ පැයක් විතර වැස්සා.

They were in India for two weeks. During these two weeks they travelled[BrE]
/traveled[AmE] a lot. ඒ අය සති දෙකක් ඉන්දියාවෙ හිටියා. ඒ සති දෙකේ ඒ ගොල්ලො ගොඩක් සංචාරය කළා.

කාල පරාසයක් වෙනුවට කිසියම් සිදුවීමක්, ක්‍රියාවක්, අත්දැකීමක් වැන්නක් අතරතුරදී යන අදහස දීමට යෙදෙන්නේ during” යන්නයි.

You shouldn’t talk during the show.
සංදර්ශනය අතරතුරේ කතා කරන්න හොඳ නැහැ.

During my stay in Europe, I visited some famous places.
මම යුරෝපයෙ හිටිය කාලෙ සමහර ප්‍රසිද්ධ තැන් බලන්න ගියා.

3. I’ll see you two hours later.

දැන් සිට යම් කාලයකට පසුව අදහස ඇතිව සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ in” පදයයි. වෙන යම් අවස්ථාවක සිට යම් කාලයකට පසුව යන්න දැක්වීමට later” යන්න යෙදෙනවා.

I’ll see you in two hours.
මම පැය දෙකකින් ඔයාව හම්බ වෙන්නම්.

I arrived here at
8 o’clock. The others came two hours later. මම මෙතනට ආවෙ අටට. අනිත් අය ආවෙ ඊට පැය දෙකකට පස්සෙ.

කාල පරාසයක් නොදක්වා පසුව යන්න පමණක් කීමේදී නම් වර්තමානය සම්බන්ධවත් later” යන්න යෙදෙනවා.

Let’s read it later.
අපි ඒක පස්සෙ කියවමු.

I’ll see you later.
මම ඔයාව පස්සෙ හම්බ වෙන්නම්.

4. A computer is in the room. 

කලින් සඳහන් නොවූ හෝ නොදන්නා කෙනෙක්/දෙයක් පිළිබඳව ඉන්නවා/තියෙනවා/පවතිනවා වැනි අර්ථ සාමාන්‍යයෙන් දැක්වෙන්නේ There is/are… රටාවටයි. එවැනි අර්ථ ඇතිව ඉහත රටාව යෙදෙන්නේ කලින් සඳහන් වූ හෝ දන්නා දෙයක් සම්බන්ධවයි.

There is a computer in the room. කාමරේ කම්පියුටර් එකක් තියනවා.

The computer is in the room. කම්පියුටර් එක තියෙන්නේ කාමරේ. / කම්පියුටර් එක කාමරේ තියනවා.

***There is/are… රටාව භාවිතය ගැනThere Is/Are… – මොකක්ද මේ? ලිපිය බලන්න.

5. Who has come? - He’s Nimal.

කොයි කෙනාදැයි දැක්වීමේදී යෙදෙන්නේ “It is” යන්නයි.

Who has come? – It’s Nimal. කව්ද ඇවිල්ලා ඉන්නෙ? - නිමල්.

Who broke this glass? – It was Vimal. කව්ද මේ වීදුරුව බින්දේ? - විමල් (තමයි).

May I know who’s (who is) calling? – It’s Kamal. කව්ද කතා කරන්නෙ කියලා දැන ගන්න පුලුවන්ද? - මේ කමල්. (දුරකථන ඇමතුමකදී)

එක් කෙනෙකුට වැඩි දෙනෙක් සම්බන්ධයෙනුත් මෙසේ “It is” යොදා ගත හැකියි.

It’s my friends from school. /මේ (ඉන්නේ) මගේ ඉස්කෝලේ යාළුවෝ.

***itපදයේ භාවිතය ගැනIt is… – එතකොට මේකෙ තේරුම? ලිපිය බලන්න.

6. Is it a too heavy bag for her?

පමණට වඩා... යන අර්ථය දීම සඳහා ගැනෙන්නේ පහත ආකාරයේ රටායි.

Is it too heavy a bag for her (to carry)? ඒක එයාට (ගෙනියන්න) බර වැඩි බෑග් එකක්ද?

Is that bag too heavy (for her) to carry? ඒ බෑග් එක (එයාට) ගෙනියන්න බර වැඩියිද?

නමුත් ඇති තරම්.... අර්ථය ඇතිව යෙදෙන රටා තරමක් වෙනස්.

Is it a big enough bag for you? ඒක ඔයාට ලොකු ඇති (ප්‍රමාණවත් තරම් විශාල) බෑග් එකක්ද?

Is that bag big enough to hold all your books? ඒ බෑග් ඒක ඔයාගේ පොත් ඔක්කොම දාන්න ලොකු ඇතිද?

7. It’s specially important for students.

මෙම specially පදය යෙදෙන්නේ යමක් සඳහාම යන අර්ථය ඇති තැන්වලයි. ප්‍රධාන වශයෙන් / අනෙක්වාට වැඩියෙන් යන අර්ථයෙන් ගැනෙන්නේ especially යන්නයි.

It’s especially important for students. ඒක වඩාත් වැදගත් ශිෂ්‍යයන්ට.

It’s very useful, especially for families with young children. ඒක හරි ප්‍රයෝජනවත්, වැඩියෙන්ම පොඩි ළමයි ඉන්න පවුල්වලට.

This cake has been specially prepared for this occasion. මේ කේක් මේ අවස්ථාව වෙනුවෙන්ම හදපුවා.

8. He told that.

හුදෙක් උච්චාරණය කරනවාහෝ ප්‍රකාශ කරනවාවැනි අර්ථවලින් සාමාන්‍යයෙන් යොදා ගන්නේ say පදයයි. නමුත් කියන්නේ කාටද යන්න සඳහන් දැනුම් දෙනවාහෝ උපදෙසක් දෙනවාවැනි අර්ථවලින් බොහෝ විට tell භාවිතා වෙනවා.

He said that. ඒක කිව්වේ එයා.

He told me that. / He told that to me. ඒක මට කිව්වේ එයා.

Can you say it again? (ඔයාට) ඒක ආයේ කියන්න පුළුවන්ද?

Can you tell it to us again? (ඔයාට) ඒක ආයේ අපට කියන්න පුළුවන්ද?

She said the sentence aloud. එයා වාක්‍යය ශබ්ද නගා (ඇහෙන්න) කිව්වා.

She told us the meaning of the sentence. එයා අපට වාක්‍යයේ තේරුම් කිව්වා.

කෙසේ වෙතත් truth, lie, story/tale, joke, secret ආදී පද සමග නම් කියන්නේ කාටද යන්න සඳහන් නැතත් යෙදෙන්නේ tell පදයයි. එසේම අනෙකුන් නොදන්නා දෙයක් අනාවරණය කිරීම සම්බන්ධව tell පදය තනිවත් යොදා ගැනෙනවා.

He told the truth. එයා කිව්වේ ඇත්ත.

She is going to tell a story. එයා කතන්දරයක් කියන්න යන්නේ.

I know everything, but don’t worry – I won’t tell. මම ඔක්කොම දන්නවා. ඒත් බය වෙන්න (හිත කරදර කර ගන්න) එපා - මම (කාටවත්) කියන්නේ නැහැ.

එසේම වෙනසක් හඳුනා ගන්නවා යන අර්ථය ඇතිව tell යොදා ගැනෙනවා.

Can you tell the difference? ඔයාට වෙනස කියන්න (හඳුනා ගන්න) පුළුවන්ද?

Can you tell which one of them is older? ඒ අයගෙන් කොයි එක් කෙනාද වයසින් වැඩි කියල කියන්න (හඳුනා ගන්න) ඔයාට පුළුවන්ද?  

It was impossible to tell her age. එයාගේ වයස කියන්න (හඳුනා ගන්න) පුළුවන්කමක් තිබුනේ නැහැ.

කියන්නේ කාටද යන්න say සමග කීමට නම් ඒ සඳහා to යෙදීම අත්‍යවශ්‍යයි.

“Come here,” he said to us. මෙහෙ එන්න කියල එයා අපට කිව්වා.

They said goodbye to us. එයා අපට යනවයි කියල ආයුබෝවන් කිව්වා.

(Image credit:vastateparksstaff)



Related Posts with Thumbnails