Tuesday, February 9, 2010

We Have to Learn English - කළ යුතු දේ ගැන

 
සේයාරුවට ස්තුතිය: Editor B 

අපි මීට කලින් කතා කළා මතක ඇති විය හැකි, කළහැකි, කිරීමට අවසර ඇති, කිරීමට සුදුසු, ආදී දේ ගැන ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වන රටා පිළිබඳව. ඒ වගේම තවත් දේ තියෙනවනේ අපි කළ යුතු. මේ දේවලුත් අපේ ජීවිතයේ වැදගත් තැනක් ගන්නා නිසා අපට ඒවා ගැනත් නිතර කතා බහ කරන්න සිද්ද වෙනවා. ඉතින් අපි බලමු මේ සම්බන්ධයෙන් යෙදෙන රටා කීපයක් දිහා.

1. කළ යුතු (නීතියක්, සම්ප්‍රදායක්, යුතුකමක්, ස්වභාවයක් වැන්නක් නිසා) හෝ කිරීමට අවශ්‍ය (එය වැදගත් නිසා) දේ ගැන - must / have to

*** “must” පදය වර්තමාන හෝ අනාගත ක්‍රියාවක‍් සම්බන්ධව එකම ආකාරයෙන් යෙදෙනවා. එය අතීත කාලයට මෙම අර්ථයෙන් යෙදෙන්නේ නැහැ.

***have to” යන්න වර්තමාන කාලයේදී (මෙය අනාගතයටත් සම්බන්ධ විය හැකියි) He / She / It / Nimal… has to හා  I / We / You / they / Nimal and Mala… have to ලෙසිනුත්, අතීතයේදී  …had to ලෙසිනුත්, අනාගතයේදී  ...will have to ලෙසිනුත් යෙදෙනවා.


***සාමාන්‍යයෙන් must තමන්ද (ප්‍රකාශයකදී කතා කරන්නා හෝ ප්‍රශ්නයකදී අසා සිටින්නා) සිදු විය යුතු ලෙස සලකන දේ සඳහා යෙදෙනවා. බ්‍රිතාන්‍ය භාවිතයේ ඇතැම් විට have to හුදෙක් නීතියක් වැන්නකින් නියම වූ හෝ අනිත් අයගේ අවශ්‍යතාවය නිසා කළ යුතු දේ සඳහා ගැනෙන නමුත් එය තමන්ද සිදු විය යුතු ලෙස සලකන දේ සඳහාත් යොදා ගන්නවා (විශේෂයෙන් ඇමරිකානු ව්‍යවහාරයේ). ඇමරිකානුවන් have to රටාව පොදුවේ වැඩිපුර පාවිච්චි කරනවා.

***වර්තමාන කාලයේදී (මෙය අනාගතයටත් සම්බන්ධ විය හැකියි), නැවත නැවත ඇති වන තත්ව සඳහා හැර, have to වෙනුවට have got to ද භාවිතා වෙනවා තරමක් අවිධිමත් (informal) භාවිතයේ. මෙය වැඩිපුර ඇත්තේ බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ.

We must / have (got) to stop at a red light.අපට රතු ලයිට් එක පත්තු වෙනකොට නවත්තන්න වෙනවා. (ඒක නීතිය)

You must / have (got) to respect your parents. ‍තමන්ගෙ දෙමව්පියන්ට ගරු කරන්න ඕනැ. (එය සම්ප්‍රදාය, යුතුකම)


All living beings must / have (got) to die one day. පණ ඇති සියළු සත්වයෝ යම් දිනයක මිය යා යුතුයි. (එය ස්වභාවය නිසා)

You must / have (got) to see a doctor about this. මේක දොස්තර කෙනෙකුට පෙන්නන්න වෙනවා. (බරපතල දෙයක් නිසා එසේ කිරීම අවශ්‍යයි)

I must / have (got) to complete the article by this evening. අද හවස් වෙනකොට මම මේ ලිපිය සම්පූර්ණ කරන්න ඕනැ. (එසේ කළ යුතු යැයි නීතියක් නැතත්, එසේ කිරීම වැදගත් යැයි සිතන නිසා)

I often have to go there. මට නිතරම එහෙ යන්න වෙනවා. (බාහිර අවශ්‍යතාවයක් / නැවත නැවත)

We had to go and see them. අපට ගිහින් ඒ අයව හම්බවෙන්න උනා.

They will have to come here. ඒ අයට මෙහෙ එන්න වේවි.

2. නොකළ යුතු (නීතියක්, සම්ප්‍රදායක් වැන්නක් නිසා) දෙයක් ගැන (වර්තමාන හා අනාගත කාල) - must not (mustn’t)

You must not smoke here. මෙතන දුම් බොන්න බැහැ. (තහනම්, අවසර නැහැ.)

They must not disturb the director when he addresses the meeting tomorrow. හෙට අධ්‍යක්ෂතුමා රැස්වීම අමතද්දි ඒ ගොල්ලො එයාට බාධා නොකර ඉන්න ඕනැ.

***මෙහිදී දකින්නට ලැබෙන්නේ අවසර නොලැබේ,නොකළ යුතුයි වැනි අර්ථයන් බව ඔබට පෙනෙනවා ඇති. මෙවැන්නක් අතීත කාලයට අදාළව පැවසීමට නම් not allowed to / not permitted to වැනි වෙනම රටාවක් යොදා ගන්න වෙනවා. (අවශ්‍ය නම් මෙම රටා වර්තමාන හා අනාගත කාලවලත් භාවිතා කළ හැකියි.)

They were not allowed to meet the minister. ඒ අයට ඇමතිතුමා හම්බවෙන්න (අවසර) ලැබුනෙ නැහැ.

We were not permitted to enter the hall. අපට ශාලාවට ඇතුල් වෙන්න (අවසර) ලැබුනෙ නැහැ.

***අතීත කාලයේදී I / He / She / It / Nimal… was not (wasn’t) allowed / permitted to හා  We / You / They / Namal and Mala… were (weren’t) allowed / permitted to ලෙසින් යෙදෙනවා.

(වර්තමානයේදී නම් I am not allowed / permitted to, He / She /It / Nimal… is not allowed / permitted to හා  We / You / They/ Nimal and Mala… are not allowed / permitted to ලෙසිනුත්, අනාගතයේදී නම්  will not be allowed / permitted to ලෙසිනුත් යෙදිය හැකියි.)

3. කිරීමට අවශ්‍ය නැති (එය එතරම් වැදගත් නැති නිසා) දෙයක් ගැන - not have to

***මෙහිදී වර්තමානයේ (මෙය අනාගතයටත් සම්බන්ධ විය හැකියි) He / She / It / Nimal… does not (doesn’t) have to හා  I / We / You / they / Nimal and Mala… do not (don’t) have to ලෙසත්, අතීතයේ did not (didn’t) have to ලෙසත්, අනාගතයේ  …will not (won’t) have to ලෙසත් යෙදෙනවා.

***වර්තමාන කාලයේදී (මෙය අනාගතයටත් සම්බන්ධ විය හැකියි) hasn’t / haven’t got to ද අවිධිමත් අවස්ථාවල ඇතැම් විට යෙදෙනවා, විශේෂයෙන් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ.

You don’t have to see a doctor about this. මේක දොස්තර කෙනෙකුට පෙන්නන්න අවශ්‍ය නැහැ. (ඒ තරම් අමාරු නැහැ.)

He doesn’t have to come here again. එයා ආයෙ මෙහෙ එන්න ඕනැ නැහැ.
(සිංහල වාක්‍යයෙදී වගේම මෙය දෙආකාරයකින් යෙදිය හැකියි: එනම් නාවට වැඩේ කෙරේවි හා එනවට මම කැමති නැහැ අර්ථවලින්. කතාබහේදී මෙය උච්චාරණ ස්වරූපයෙන් - intonation - වටහා ගත හැකියි.)

4. යමක් ගැන තමන් සත්‍ය යැයි නිගමනය කරන දෙයකට - must / have (got) to (මෙම අර්ථයෙන් have to වැඩිපුර හමුවෙන්නේ ඇමරිකානු ව්‍යවහාරයේයි.)
***should යෙදීමේදීට වඩා වැඩි විශ්වාසයක් මෙහිදී දැක්වෙනවා.

That must be / has (got) to be OK. ඒක හරි යන්න / ගැලපෙන්න ඕනැ. (එහෙම නොවීමට හේතුවක් නැහැ.)

She must be / has (got) to be the person in charge. එයා වෙන්න ඕනැ මෙතන බාරව ඉන්න කෙනා. (හැම අතින්ම පෙනෙන / දැන ගන්න තියන විදිහට එහෙම වෙන්න ඕනැ.)

***නැත යන අර්ථයෙන් මෙවැන්නක් (එනම්, සත්‍ය වීමට ඉඩක් නැතැයි තමන් නිගමනය කරන දෙයක්) පැවසීමට නම් සාමාන්‍යයෙන් යොදා ගන්නේ can’t පදය.

That can’t be OK. ඒක හරි යන්න / ගැලපෙන්න බැහැ. (එහෙම වෙන්න ඉඩක් නැහැ.)

She can’t be the person in charge. එයා වෙන්න බැහැ මෙතන බාරව ඉන්න කෙනා. (පෙනෙන / දැන ගන්න තියන විදිහට එහෙම වෙන්න ඉඩක් නැහැ.)
***විශේෂයෙන් ඇමරිකානු භාවිතයේ, එසේ නොවේ යයි පෙනෙන දෙයකට must not යන්න යෙදෙනවා. (නමුත් මෙහිදී must not යන්න mustn’t ආකාරයට කියවෙන්නේ නැහැ.)
All the windows are closed; they must not be at home. ඔක්කොම ජනෙල් වහලා; ඒ ගොල්ලෝ ගෙදර නැහැ වගේ.

***අතීතයේ සිදු වූ දෙයක් පිළිබඳව මෙවැනි නිගමන සඳහා must භාවිතා වන ආකාරය පසුව සලකා බලනවා (You Could Have Done It - ගිය දේ ගියාවේ කියලම බැහැ බලන්න).

කළ යුතු දේ ගැන දැනගත යුතු කරුණු කාරණා ගොඩක් අද අපි බැලුවා. ඒ නිසා දැනට මෙතනින් නවත්වන්න වෙනවා. එක පාර ඕනැවට වැඩිය නොකළ යුතුයිනේ. (Today we have been looking at a lot of points we must know about things we must do. So we have to stop here for now. You know you shouldn’t do too much at once.)

7 comments:

  1. ඔබ ඉතා උතුම් සේවයක් නිහඬව සිදුකරනවා.

    රට ගැන හිතා කටයුතු කරන ඔබ වැන්නන් දකින්නට ලැබීම සතුටට කරුණක්.

    Thejan Rathnayake

    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  2. @Thejan
    ඇගයීමට ස්තුතියි.

    ReplyDelete
  3. තේජාන් කියනව වගේ ඔබ කරන්නෙ ලොකු සේවයක්. මේක තව ව්‍යාප්ත කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි....

    ReplyDelete
  4. මම ගොඩාක්ම ස්තූති කරනවා මේ වැඩේට ඔබතුමාට මගේ දර්ශනය විසියට පිං

    ReplyDelete
  5. @indik
    ස්තුතියි. බලමු ඉදිරියට තව මොනවද කරන්න පුලුවන් කියලා. අදහස් තියනවා නම් කියන්න.

    ReplyDelete
  6. @Buddhika Karunanayaka
    ස්තුතියි. මෙවැන්නක් කරන්න ලැබීම ලොකු සතුටක්.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails